පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පාපැදි භාවිතය ඉහළ ගොස් තිබෙන හෙයින් මාර්ගයේ ගමන්ගන්නා අනෙකුත් වාහන හිමියන් පාපැදිකරුවන් පිළිබඳ අවධානයෙන් වාහන පදවන්නැයි පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.
මීට අමතරව පාපැදිකරුවන්ද මාර්ග නීති පිළිපදිමින් හා රාත්‍රී කාලයේදී විදුලි ලාම්පු දල්වාගෙන පාපැදියෙන් ගමන් කර‘න ලෙසත්, මේ වසරේ ගෙවීගිය කාලයේ සිදු වූ අනතුරු නිසා පාපැදිකරුවන් 96 දෙනෙකු මියගොස් තිබෙන බවත් පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දූව මහතා සඳහන් කළේය.
මාර්ගයේ ගමන් කිරීමේදී පාපැදිකරුවන් ගමන් කළ යුතු ආකාරය පිළිබඳ ඉදිරි දෙසතිය තුළ දිවයිනම ආවරණය වන පරිදි පාපැදිකරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බවත්, රාත්‍රී කාලයේදී ගමන් කිරීමේදී අනෙකුත් වාහන හිමියන්ට පාපැදිකරු පහසුවෙන් හඳුනාගතහැකි වර්ණ සහිත ඇඳුම් පලඳින ලෙසත් ඔහු පවසා සිටියේය.
මේ වසරේ ගෙවීගිය කාලය තුළදී මාර්ග අනතුරු 1202ක් සිදු වී තිබෙන බවත්, එම අනතුරුවලින් පාපැදිකරුවන් 96ක් මිය ගොස් තිබෙන හෙයින් පාපැදිකරුවන් පිළිබඳඅවධානය යොමුකර කටයුතු කරන ලෙසට සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.