ශ්‍රී ලංකාව සතුව පවතින ගල් අඟුරු සංචිතය එළැඹෙන සැප්තැම්බර් 15-20 අතර කාලයේදී අවසන් වන බවත් ඉන් ඉදිරියට අවශ්‍ය ගල් අඟුරු මිලදි නොගතහොත් ලබන වසරේදී දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ සැප්තැම්බර් සිට ලබන වසරේ අප්‍රේල් දක්වා ලංකාවට ගල් අඟුරු ගෙන්වා ගත යුතු බවත් ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක පමණ වැයක් දැරීමට සිදුවන බවත් ඔහු පැවැසීය.
එම කාලයේදී ගල් අඟුරු ගෙන්වා නොගත හොත් ලබන වසරේදි විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය. මේ පිළිබඳව මැදිහත්වන ලෙස දේශපාලන අධිකාරියට හා අනෙකුත් ආයතනවලට පවසන බවත් ඔහු සඳහන් කළේය.