ඉන්ධන බෙදන්න පාතාලයත් ඇවිත්
ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට පාතාල ක්‍රියාකාරීන් සහ දාමරිකයින් රිංගා විවිධ තර්ජන සිදුකරමින් බලහත්කාරයෙන් සිය හිතවතුන්ට ඉන්ධන ලබා දීමට කටයුතු කරමින් සිටින බැවින් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.
සමහර පිරවුම්හල්වල පෝලිම හසුරුවන්නේද දාමරික පිරිස් බව පවසන පාරිභෝගික ජනතාව ඔවුන් බලහත්කාරයෙන් පෝලිම්වලට වාහන රිංගවීම ජයටම කරගෙන යන බවද වාර්තා වේ.
තවත් ප්‍රදේශවල පෝලිම්වලට විවිධ ආපදාවලට ලක් වූ යතුරු පැදි රිංගවා පසුව ඒවා ඉවත් කරගෙන වෙනත් යතුරුපැදිවලට අවස්ථාව ලබාදීමෙන් මුදල් ගරන කණ්ඩායම් පිළිබඳවද තොරතුරු අනාවරණයවී ඇත.
එසේම ඉන්ධන ලබා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සේවා හැඳුනුම්පත අවභාවිතා කරන පිරිස් සම්බන්ධයෙන්ද පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි
popular news
-
SMA Chathuranga Tuesday, 21 June 2022 03:56 AM
It is because of tourists that Sri Lanka is running like this. When tourists do that they will never come to Sri Lanka again. That gas station needs to be sealed.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

