විදුලි බිල වැඩි කරන ආකාරය පිළිබඳව ඉදිරි දින දෙක තුළදී ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
අද (19දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මෙහිදි ඒකක 30-60 භාවිත කරන පිරිස් වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.
මීට අමතරව විදේශ විනිමය උපයන ආයතනවලින් ඩොලර් වලින් විදුලි බිල අය කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේයඉ.