විදුලි කප්පාදුව හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල ප්‍රශ්නයක් වන බවත් මෙම විදුලි කප්පාදුව උසස් පෙළ විභාගය අවසන් වන මාර්තු 05 වැනිදායින් පසුව සිදු කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් මාතෘ හා ළමා සායන මගින් ලබා දෙන ත්‍රිපෝෂ මෙවර ලබාදී ඇත්තේ දින නමයකින් කල් ඉකුත්වන ත්‍රිපෝෂ බව ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් හා කිරිදෙන මව්වරුන් චෝදනා කරති.
Read Moreමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද (23දා) පිලියන්දල පොලිසිය හමුවේ පෙනී සිටීමට දැනුම් දුන්නද ඇය ඒ සඳහා නොපැමිණි බව පිළියන්දල පොලිසිය කියයි.
Read Moreකොළඹ සිට මාතර බලා ගමන් ගත් ශ්‍රීලංගම බස් රථයක් ඩීසල් නොමැතිව අද (23දා) උදෑසන කළුතර නගර මධ්‍යයේ නතරවීමෙන් එහි ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි පැවසේ.
Read Moreශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පී.සී.ආර්. පරීක්ෂණයකින් යළිත් කොවිඩ් ධනාත්මක වී තිබේ. මේ අනුව හෙටින් ආරම්භ වීමට නියමිත ඉන්දීය විස්සයි20 තරගාවලිය වනිඳු හසරංගට අහිමි වෙනු ඇති බව වාර්තා වෙයි.
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ස්වාභාවිකව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහුගේ ජීවිතය අනතුරේ බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreහොරණ කොළඹ මාර්ගයේ කෝරලඉම ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක් අද (23දා) අලුයම එකිනෙක ගැටීමෙන් සේවක සේවිකාවන් 25ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය පවසයි.
Read Moreලෝකයේ තෙල් මිල අඩුම රටවල් අතරින් ලංකාව ඉන්නේ 22 ස්ථානයේ. අපිට වැඩිය ඉදිරියෙන් ඉන්න රටවල් 21කම තෙල් නිපදවන රටවල්. ලංකාව අපනයනයෙන් ඩොලර් මිලියන 1000ක් හොයන විට තෙල් වලට ඩොලර් මිලියන 500ක් ගෙවන්න වෙනවා. ඉන්ධන ආනයනය සඳහා මුදල් වෙන්කර ගැනීම අභියෝගයක්. මේ අවස්ථාවේදී තෙල් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.
Read Moreහෙරොයින් ග්‍රෑම් 54කුත් මිලිග්‍රෑම් 730 සිය කළිසම් සාක්කුවේ තබාගෙන සිටි පුද්ගලයෙකු පුත්තලම රෝහල් පරිශ්‍රයේ දී කල්පිටිය පොලිසිය විසින් ඊයේ (22දා) රාත්‍රියේ දී අත් අඩංගුවට ගෙන ඇත. ඉන්පසු කරන ලද පරීක්ෂාවේ දී අණාවරණය වී ඇත්තේ,මෙම පුද්ගලයා රාජකාරිය නිමවා සිය ඥාතියෙකු බැලීමට රෝහලට පැමිණි සිටි,පුත්තලම කොට්ඨාශයට අයත් නොරොච්චෝල පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු බවයි.
Read Moreපෙබරවාරි 26 වැනිදා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය සපායා දිනය වෙනුවෙන් වෙන්වන අතර එහි දී මෙරට ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ 11 දෙනෙක් මෙරට ඉතා වටිනා මැණික් ගල් 25ක් එහි ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
Read More(EXCLUSIVE)ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය සහ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ලබාදෙන පුහුණුව තාවකාලිකව නවතා දැමීමට එංගලන්තයේ රාජකීය කායික රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (Royal College of Physicians) තීරණය කිරීම කොළඹ විශ්ව විද්‍යාලයයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයද නිල වශයෙන් පිළිගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් ආරම්භ කෙරෙන ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන සදහා මේ වසරේ දෙවන කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක් ලබාදීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා එකඟත්වය පල කරයි. සංචාරක කර්මාන්තය පිලිබදව පසුගියදා (21) මුදල් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පල වූ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඩීසල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් ඉන්ධන නැවට ඊයේ (22දා) රාත්‍රියේ ඩොලර් මිලියන 35.3ක මුදල ගෙවීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව එම නැවෙන් ඉන්ධන ගොඩ බෑම ඉතාමත් ඉක්මනින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreඋතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට අද (23දා) දිනයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreවර්තමානයේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න පිළිබඳ සලකා බලා, දැනට පවතින ඉන්ධන මිල ඒ ආකාරයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යෑමට ඊයේ(22දා) පැවැති විශේෂ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreආසියානු කලාපයේ මැලේසියාව ඇතුළුව, සංචාරයන් සඳහා ඉතා ඉහළ අවදානම් (4 වැනි මට්ටමේ) ගමනාන්ත ලැයිස්තුවට තවත් රටවල් 4ක් ඇතුළත් කිරීමට රෝග පාලනය සහ වැළැක්වීම සඳහා එක්සත් ජනපද මධ්‍යස්ථාන කටයුතු කර තිබේ.
Read Moreවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (23දා) දිනයේ පැය 04.30ක සහ පැය 04.40ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
Read Moreවයස අවුරුදු 12න් පහළ දරුවන් සඳහා කෝවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාදීමට අදාළ නිර්දේශ මෙම සතිය තුළදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබීමට නියමිත බව සඳහන් වේ.
Read Moreඑය ලෝක ශූර කාල්සන්ට එරෙහිව රමේෂ්බාබු ප්‍රඤ්ඤානන්දා ලැබූ පළමු වැනි ජයග්‍රහණය වූ අතර, 2013 වසරේදී ලෝක ශූරයා වීමෙන් පසුව සුපිරි ක්‍රීඩක කාල්සන්ව පරාජයට පත්කළ ලාබාලතම ක්‍රීඩකයා බවටද ඔහු පත්විය.
Read Moreපසුගියවසර 10 තුළ මෙරට සිදු වූ අලි මිනිස් ගැටුම් තුළින් මිනිස් ජීවිත හානි 1,061ක් සහ අලි මරණ 3,338ක් වාර්තා වී ඇති බව වනජීවී රැකවරණ සහ වන සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවි දිසානායක මහතා පැවසීය.
Read More95 හැවිරිදි බ්‍රිතාන්‍ය රැජින වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව බකිංහැම් මාලිගය පසුගිය ඉරිදා තහවුරු කළේය.
Read Moreඅපි ප්‍රසම්පාදන කටයුතු ඉතාමත් නිවැරදිව රාජ්‍ය නිලධාරීන් හරහා සිදු කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දූෂණයට විරුද්ධයි. ඒ අනුව අපේ රජය දූෂණයට විරුද්ධයි. ඒ අනුව පැහැදිලිව කියනවා අපි දූෂණයෙන් තොරව සෑම දෙයක්ම කරන්නේ. මේ ටෙන්ඩර් දුන්නම ඕන දෙයක් කරන්න.
Read Moreඑක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අඟහරුවාදා ප්‍රකාශ කළේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමග බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු කළ බවයි.
Read Moreමරේ තේ වතුයායට අයත්, මුල්ගම උඩ කොටසේ මානා පතනක හා ටර්පන්ටයින් වගාවක අද (22දා) පස්වරු 04.00 ට පමණ ඇතිවූ ගිනිතැබීමක් නිසා මේ වන විට අක්කර 04 ක පමණ ප්‍රමාණයක් ගින්නෙන් විනාශයට පත්ව ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි. ප්‍රදේශයට පවතින දැඩි වියළි කාළගුණය හා හා සුළං තත්වය නිසා මෙම ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවති.
Read Moreපොලිසිය පැවසුවේ තුවක්කුකරු අවසානයේදී පොලීසියට යටත්වීමෙන් පසුව ඉදිරිපස වීදියේ බිම වැතිර සිටි බවයි. ඔහු වෙත රොබෝවරයකු යොදවා පුපුරණ ද්‍රව්‍ය සඳහා පරීක්ෂාවක් කළ බවද සඳහන් විය.
Read Moreමුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමේ තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක තිබූ ඉපැරණි ගල්කණු ගලවා රැගෙනයමින් සිටි හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් නවදෙනකු අද (22දා) අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
Read Moreවිදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරමේ නියුතු ’’පානදුර සළිදු’’ නැමැත්තා ට අයත් බව කියන රුපියල් අසූ ලක්ෂ එක්දහසක ජාවාරම් මුදලක් පානදුර , විහාරස්ථානයක කළුගල් ගොඩක සගවා තිබියදී සොයාගෙන, ජාවාරම් මුදල් එකතු කරන පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු පැකට් කිහිපයක්ද සමගින් අද (22දා) අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
Read Moreනිවාඩු අවසන් වී යළි හමුදා කදවුර වෙත යතුරුපැදියෙන් පැමිණෙමින් සිටී සිටි සෙබලෙක් අද (22දා) කොට්ටාව පිංහේන හංදියේදී ලොරි රථයකට යට වී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදයේ සාමාජික ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් ඉල්ලීම් 06 ක් මුල් කර ගනිමින් සිය කාර්යයන් , කාලසටහනකට අනුව පමණක් වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට පිවිස සිටින බව එම සංසදය අද (22දා) නිකුත් කළ නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටිිිියේය.
Read Moreජාතික පාරිභෝගික මිල දර්ශකය මෑත කාලයේ වාර්තා කළ ඉහළම අගය පසුගිය ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ.
Read More