රට තුළ විශාල විදුලි අර්බුදයක් ඇති වී තිබියදී සූර්ය කෝෂ හරහා විදුලිය නිෂ්පාදනය කිරීමට අවසර ඉල්ලා විදුලිබල අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන අයදුම් පත් 1,200ක පමණ ප්‍රමාණයෙන් කිසිදු අයදුම් පත්‍රයකට තවමත් අවසර ලබාදී නොමැති බව කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
බලාගාර සඳහා ඉන්ධන නොමැති වීම නිසා ඊයේ (23දා) දිනයේ A, B සහ C යන කලාපවලට පැය 4යි විනාඩි 40ක්ද, සෙසු කලාපවලට පැය 4යි විනාඩි 30ක්ද, විදුලිය විසන්ධි කිරීම සිදුවිය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් බදාදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගෙන් ඉල්ලා සිටියේ රුසියානු හමුදා යුක්රේනයට පහර දීම නතර කර සාමයට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.
Read Moreඅමාත්‍යාංශ කිහපයක විෂය පථය සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිින් අතිවිශේෂ ගැසට් නිිවේදනයක් නිකුත් කර තබේ.
Read Moreයුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සංයමයෙන් ක්‍රියා කරන ලෙසත්, සියලු ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම පිළිබඳ බීජිං හි ස්ථාවරය නැවත අවධාරණය කරන බවත් චීනය පවසයි.
Read Moreකෘතහස්ත පුවත්පත් කතුවරයෙක් වූ සුනිිල් මාධව ප්‍රේමතිලක මහතා අද (23දා) සිය දිවි ගමනට සමු දුන්නේය.
Read Moreයුක්රේනය විසින් පෙර දින ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය හේතුවෙන්, යුක්රේනයේ සිටින ප්‍රංශ ජාතිකයන් වහාම රට හැර යා යුතු බව යුරෝපීය සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
Read Moreපළාත්සභාවල නිල කාලය අවසන්වී වසර හතරකට අධික කාලයක් ගත වී තිබෙන හෙයින් එම මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
Read Moreයුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශ හැර අනෙකුත් සියලුම භූමි ප්‍රදේශවල හදිසි තත්ත්වයක් පැනවීමට කටයුතු කළ බව එරට ඉහළම ආරක්ෂක නිලධාරියා රට හමුවේ ප්‍රකාශ කළේය.
Read Moreරෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ඔමික්‍රෝන් ආසාදිත නිරෝගී පුද්ගලයන්ගෙන් අධි අවදානම් සහිත පුද්ගලයන්ට වෛරසය බෝවන බැවින් පෙරට වඩා දැඩිව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
Read Moreවර්ථමානයේ කොත්මලේ සහ වික්ටෝරියා බලාගාර වල ජලය භාවිතා කරන ආකාරය අනුව ඉදිරියේදී මෙම බලාගාර දෙකෙහි කඩා වැටීමක් සිදු වුනොත් සමස්ථ විදුලි පද්දතියම කඩා වැටීමේ අවධානම තිබෙන බවට වන අනතුරු ඇගවීම ආණ්ඩුවට සිදු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව හැඳල, තොටුපලවත්ත කැළණි ගං මෝය ආශ්‍රිත ප්‍රදේශයේ අද (23දා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට ආසන්න තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
Read More2022 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් වන Raid Amazones - 2022 තරගාවලියේ නිල ගුවන් සේවා සහකරු ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රවෘත්ති නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටී .
Read Moreලෝක බාලදක්ෂ දින සැමරුම හා ජනාධිපති බාලදක්ෂ සහතිකපත් ප්‍රදානය අද (23දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
Read Moreබද්දේගම මැතිවරණ කොට්ඨාසයේ යක්කලමුල්ල තෙල්ලඹුර මීගහවෙල මාර්ගය රුපියල් මිලියන 22.5 වියදමින් කාපට් කිරීම සිදුකර ඇති අතර එහි තත්වය ප්‍රමිතියෙන් තොර බව සඳහන් කරමින් යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ (පොදු පෙරමුණ) සභාපති ඇතුළු මන්ත්‍රීවරු සහ ප්‍රදේශවාසීන් අද (23දා) කොට්ටව මංසන්ධියේදී ගාල්ල - උඩුගම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.
Read Moreපුත්තලම දිස්ත්‍රික්කයේ ඉන්ධන හල් තුළ පවතින ඉන්ධන ප්‍රමාණයන් පිළිබදව තොරතුරු ලබා ගැනිම පාරිභෝගික අධිකාරියේ පුත්තලම කාර්යාල නිළධාරින් විසින් කටයුතු කර තිබුණි.
Read Moreමාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කොට ඇගේ ජංගම දුරකථනය කොල්ලකෑමේ චෝදනාවලට ‘පේන්ට් බාස්’ නමැත්තා වරදකරු කරමින් කොළඹ මහාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කිරීම අභියාචනාධිකරණය විසින්ද අනුමත කළේය.
Read Moreශ්‍රි ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමික (Air Mobile) පුහුණු පාසල වෙතින් ආරම්භ කරනු ලැබු පාඨමාලා අංක 24 හැදෑරු නිලධාරින් 06 දෙනෙකු සහ සෙසු නිලයින් 324 දෙනෙකු අද (23දා) නිකවැව ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී ගුවන් සංක්‍රමික නිල ලාංඡන පැලදීමෙන් පසු විසිරයන ලදි.
Read Moreරාජ්‍ය සේවය ඉතා විශාලයි. ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම රාජ්‍ය සේවකයෙකුගේ මැදිහත් වීම සිදු වේ. එම නිසා සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීමතම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් සිය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන්ට චෝදනා කරමින් ප්‍රහාර එල්ල කළ බවත්,ඒවාට තමන් ලබාදෙන ප්‍රතිප්‍රහාර දරුණු විය හැකි යැයි ඔවුන්ට දන්වන බවත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
Read Moreඅවුරුදු 15 මාස 9ක් වයසැති දැරියක් ගණිකාවක් ලෙස විවිධ පුද්ගලයන් වෙත අලෙවි කිරීම සම්බන්ධයෙන් අවුරුදු 36ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreජය ශ්‍රී සංගීත කණ්ඩායම ගායනා කරන ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම හා අන්තර්ජාලය තුළ පළකිරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ වාරණ නියෝගය අද ඉවත් කරනු ලැබීය.
Read Moreයාපනය කෝපායි පොලිස් වසමේ රාසාවින් ප්‍රදේශයේ පිහිටි නිවෙසක වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කොට තිබියදී මළ සිරුර ඊයේ (22දා) සවස සොයාගත් බවට පොලීසිය පවසයි.
Read Moreතංගල්ල අවට ප්‍රදේශයේ මේ දිනවලදී ඩීසල් නොමැති වීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාට සිය ජිප් රථයට අවශ්‍ය ඩීසල් නොමැති බව කියමින් තංගල්ල ධීවර වරායේ බෝට්ටුවකින් ඩීසල් ගෙන එය සිය රථයට පුරවා ගැනීමට අද(23දා) කටයුතු කළේය.
Read Moreඊයේ පාස්කු ප්‍රහාරයේ වෙළුම් ගණනාවක් පාර්ලිමේන්තුවට ලබා දුන්නා. මේ වෙළුම් දෙන්න තිබුණේ අවුරුද්දකට කලින්. දැන් වෙළුම් දීලා වැඩක් නෑ. ඒක දෙන්න ඕන නඩුව දෙන්න කලින්. දැන් නඩුවලින් විත්තිකාරයන් නිදහස් වෙනවා. දැන් වෙළුම් මොකටද? මේකේ වටිනාකම තිබෙන්නේ බෝතල් කාරයෙකුට විතරයි.
Read Moreකොළඹ සිට බෝට්ටුවකින් යාපනයේ සංචාරයකට පැමිණි ඇමරිකානු ජාතිකයෙකු පැමිණි බෝට්ටුවේ තිබු උපකරණ සියල්ලක්ම සොරාගෙන ඇතැයි අදාල සංචාරකයා විසින් අද (23දා) යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
Read Moreයහපාලන ආණ්ඩුව විසින් පිහිටවු දූෂණ මර්දන කමිටුව හා ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලදැයි පැවැසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා පත්කළ විශේෂ ජානාධපිත පරීක්ෂණ කොමිෂන් සභාව සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිතය.
Read Moreපාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පත්කළ ජනපති කොමිෂමේ පසුගියදා පර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පිටු 69100කින් සමන්විත වෙයි. එයට වෙළුම් 88ක් ඇතුළත් වෙයි.
Read Moreමාර්තු 04දා සඳෙහි ඈත පැත්තට කඩා වැටීමට නියමිත රොකට් බූස්ටරයක් චීනයේ Chang’e-5 මෙහෙයුමේ කොටසක් නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැංග් වෙන්බින් මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ පාලන මැදිරිය තුල සුරක්ෂිතව තබා තිබූ වෙළෙද පොළේ මිළ අධික වටිනාකමකින් යුත් මරාන්ට්ස් වර්ගයේ ජංගම පටිගත කිරීමේ යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියයි.
Read More