මුතුරාජවෙල පිහිටි යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක එල්.එන්.ජී. බලාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් ඉඩමක් මෙසේ ලංවිම වෙත ලබාදී තිබේ. රජයේ තක්සේරු විසින් තක්සේරු කර ඇති ඉඩමක් වෙළඳපොළ වටිනාකම අයකරගෙන මෙසේ එම ඉඩම ලබාදී තිබේ.