මෙම සතියේදී ජනතා ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් නිදාගෙන සිටින ආණ්ඩුව ඇහැරවීමට වගකීම් සහගත භූමිකාවක් ඉටු කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ රැදී සිටින බව ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 එකමුතුවේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.
විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරන බවට කළ ප්‍රකාශ වලින් අනතුරුව ඔහු මේ බව පැවැසීය. එසේම මෙහිදී නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව අමාත්‍යධුර දරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ඉදිරිපත් කිරීමටද ඔහු කටයුතු කළේය.
ජනතා ප්‍රශ්න විසඳීම වෙනුවෙන් ජාතික සභාවක් පත්කර එයින් අගමැතිවරයෙක් පත්කර ගත යුතු බවත් ඔහු පැවැසීය.