පදිංචියට හා වගා කිරීමට ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලමින් උඩරට වතුකරයේ වතු කම්කරුවන් ඇතුළු පිරිසක් හැටන් නගරයේදී අද(21දා) විරෝධතාවයක නිරත වුහ.
උඩරට වතු කම්කරුවන් විශාල පිරිසක් ඉඩම් නොමැතිව සිටින බවත්, ඔවුන්ට පදිංචියට ඉඩම් පර්චස් 20 ක් සහ වගා කිරීමට ප්‍රමාණවත් ඉඩම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විරෝධතාකරුවෝ මෙහෙදී පැවැසුහ.
ඉඩම් දිනය මුල්කර ගනිමින් “කඳුකර ජනතා ඉඩම් අයිතිය සඳහා ව්‍යාපාර” විසින් සංවිධානය කොට තිබු මෙම විරෝධතාවය සඳහා වතු කම්කරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ශාන් හුලංනුගේ
