පවතින දුෂ්කර කාලසීමාව ලබන මාසයේ මැද භාගය වන විට යම් සහනදායි මාර්ගයකට පිවිසිය හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඉතෙක් ඉවසීහමෙන් සිටින ලෙසයි
“අමාරුම කාල පරිච්ඡේදයක් ගෙවන්නේ. ලබන මාසය වන විට යම් සහනදායි මාර්ගයකට ගමන් කරන්න පුළුවන් වේවි. එතෙක් ඉවසීමෙන් ඉන්න. අපි හැමෝම නිමුනේ නැත්නම් මේ රට ආයෙත් අසූ ගණන්වල තිබුණ තත්ත්වයට යන්න පුළුවන්.”