"බලාපොරොත්තුව අත් නොහරින්න " යන තේමාව යටතේ මේ දිනවල ඉන්ධන පෝලිම් වල සිටින ජනතාව වෙත සිසිල් පැන් සහ කෙටි ආහාර වේලක් ලබා දීමට නාරාහේන්පිට ජනතා දේව සභාවේ ශාන් ජෝෂප් දේවගැතිවරයා අද (21දා) පියවර ගෙන තිබුණි.
ඒ අනුව සීදුව කොටුගොඩ ඉන්ධන පිරවුම්හළ ඉදිරිපිට දිගු පෝලිම් වල රැස් වී සිටින ජනතාව වෙත මෙම ආහාර අඩංගු පාර්සලය ලබා දීමට ඔහු පියවර ගෙන තිබුණි .
මේ සදහා ඔහුට අයත් වෑන් රථයෙන් ඔහු පැමිණ තිබුණි . මේ පිළිබඳව ඔහුගෙන් අදහස් විමසූ විට , ඔහු මෙසේ ප්‍රකාශ කළේය .
මම මේ කටයුත්ත දැනට මාස තුනක පමණ කාළයක සිට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කරමින් සිටිනවා . මේ වැඩසටහනේ තේමාව
" බලාපොරොත්තුව අත් නොහරින්න ."යනුවෙනුයි .
දැනට ශ්‍රී ලාංකික ජනතාව බලාපොරොත්තු කඩ වී , අන්ත අසරණ වී සිටිනවා . ඔවුන් වෛරයෙන් , ක්‍රෝධයෙන් වෙලී සිටිනවා . ඒ නිසා ඔවුන් දිරිමත් කිරීම සදහා මෙම අදහස තෝරා ගත්තා . ඒ අනුව මම බෙදන මෙම කෙටි ආහාර අඩංගු බෑගය මත මෙම අදහස මුද්‍රණය කර තිබෙනවා යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය .
මෙම කෙටි අහාර වේල දින ගනනාවක සිට ඉන්ධන පෝලිම් වල සිටින ජනතාවට මහත් අස්වැසිල්ලක් වී තිබුණි .
