තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට ගොනුකළ රීට් පෙත්සමක් ඒම විසින් අද ප්‍රතික්ෂේප කළේය.
අදාළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔවුන් මෙම තීන්දුව දෙනු ලැබීය.
ඇපමත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් නව නියෝග නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට හැකියාව තිබෙන බව අභියාචනාධිකරණය අද (21) වැඩිදුරටත් නියම කළේය.
එම නියෝගය තුළින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කර තිබෙන්නේ පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයට භාර වූයේ ස්වේච්ඡාවෙන් නොවන බවය.
අභියාචනාධිකරණය විසින් නිකුත්කළ නියෝගයක් හේතුවෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් වූ බව අධිකරණය පෙන්වා දුනි.
එබැවින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහාත්, සැකකරු අධිකරණය හමුවට ගෙන්වා සුදුසු නව නියෝග නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට හැකියාව තිබෙන බවත් එම තීන්දුවෙන් පෙන්වා දී තිබේ.