අගලවත්ත, සමරනායක මාවත අසල ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු ලොරි රථයක ගැටී ඊයේ (21දා) රාත්රි ජීවිතක්ෂයට පත්වූ බව අගලවත්ත පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, බදුරලිය, කඹුරාවල පදිංචිව සිටි දෙදරු පියෙකු වන ඉද්දගොඩ හේවගේ ජගත් (අවු.55) නමැත්තෙකි.
පෙට්රල් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් දින කිහිපයක් පෝලිමේ සිටි මියගිය පුද්ගලයා ලොරි රථයේ ගැටී ඇති අතර, ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති බවත්, ලොරි රථයේ රියැදුරුට රථය පාලනය කිරීමට නොහැකිවීමෙන් අනතුර සිදුවී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.
අනතුර සම්බන්ධයෙන් බෙල්ලන, බතලවත්තදෙනියේ ප්ර‘දේශයේ පදිංචි ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අගලවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අගලවත්ත - ධනුෂ්ක ලංකා නානායක්කාර