මල්වත්ත බන්ධනාගාරයේ සිට කළුතර අධිකරණ භූමියට රැගෙන එන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීම සදහා දෑත් දෙපා වල ගැටගසාගෙන හෙරොයින් මත්කුඩු , කේරළ ගංජා, දුම්කොළ සහ ජංගම දුරකථන රැගෙන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.
ලද තොරතුරක් මත කළුතර අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී සැකකරු පරීක්ෂා කිරීමේදී ඇඳ සිටි ඇඳුම් වලට ආවරණය වන පරිදි දැත් දෙපා වල ගැටගසාගෙන තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6 යි මිලිග්රැම් 260 ක්, කේරළ ගංජා ග්‍රෑම් 16 ක්, දුම් කොළ ග්‍රෑම් 95 ක් සහ ජංගම දුරකථන දෙකක් භාරයට ගත්බව පොලිසිය පවසයි.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල දෙවට ප්‍රදේශයේ පදිංචි දෙවටේ කොණ්ඩයා නැමැති 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
හෙරොයින් මත්කුඩු ජාවාරම සහ ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු ඊයේ (21දා) පස්වරුවේ කළුතර අධිකරණට රැගෙනවිත් තිබූ අතර, ඔහුට ලබාදීම සඳහා සැකකරු පැමිණ සිටි බවත්, මෙම ද්‍රව්‍ය ලබාදීම වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් ලබාදෙන බවටත් සැකකරු ප්‍රකාශ ලබාදී ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය
