අපොස සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයිම් සිදුකරන ගුරුවරින් පිරිසක් පුත්තලම ඇන්ඩෘ ජාතික පාසල ඉදිරිපිටදි තමන්ට රාජකාරියට පැමිනිමට ඉන්ධන ඉල්ලමින් අද (21දා) දහවල් විරෝධතාවයක නිරත වූහ.
මෙසේ විරෝධතාවයේ නිරත වුයේ අපොස සාමාන්‍ය පෙළ දෙමළ මාධ්‍ය උත්තර පත්‍ර ඇගයිම් සිදුකරන ගුරුවරුන් හා ගුරුවරියන් හා මධ්‍යස්ථාන ප්‍රධානින් ඇතුළු 150 කට ආසන්න පිරිසකී.
පුත්තලම ඇන්ඩෘ ජාතික පාසලේ අපොස සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයිම් කටයුතු වල නිරත ගුරුවර ගුරුවරියන් මෙසේ තමන්ට රාජකාරි කටයුතු සදහා පැමිනිමට මෙසේ ඉන්ධන ඉල්ලමින් විරෝධතාවයෙ නිරත වන්නට වුහ.
මෙම විරෝධතාවය පුත්තලම ඇන්ඩෘ ජාතික පාසල ඉදිරිපිට පැවති අතර එය පැයකට ආසන්න කාලයක් පැවතිනි.
විරෝධතාවයට එක්වු උත්තර පත්‍ර ඇගයිම් කටයුතු වල නිරත ගුරුවරුන් පවසා සිටයේ විභාග කොමසාරිස් ජනරාල් විසින් පවා මේ වන විට තමන්ට ඉන්ධන ලබා දීමට කටයුතු කරන ලෙසට ඉල්ලීම් කර ඇතත් පුත්තලම සමුපකාර ඉන්ධන පිරිවුම් හල වෙත ගියද තමන්ට සතුන්ට සේ ඉතා පහත් ආකාරයෙන් කථා කිරීමේන් තමන් අසිරුවට පත්වි ඇති බවයි.
එසේම මෙම උත්තර පත්‍ර ඇගයිම් ගුරුවරුන් වැඩිදුරටත් පවසා සිටියේ පුත්තලම සමුපකාර ඉන්ධන හලේ සේවය කරන පිරිස් හා පොම්පකරුවන් පවා තමන් අනිත් පිරිස් ඉදිරියේ ඉතාම පහත් ආකාරයෙන් අපහාසාත්මක අයුරින් කථා කිරීම ගුරුවරුන් වන තමන්ට කල අවමානයක් බවයි.
තව දුරටත් විරෝධතාකරුවන් පවසා සිටයේ තමන්ට නීත්‍යානුකුල ලිපි පවා නිකුත් කර තිබියදි එය තුට්ටුවකට ගනන් නොගත් බවයි.
මේ නිසා තමන් කිසිදු ලෙසකින් රාජකාරියෙන් ඉවත් වී දරුවන්ට අසාධාරණයක් සිදු නොකරන බවත් පයින් හෝ රාජකාරියට පැමින දරුවන් වෙනුවෙන් උත්තර පත්‍ර ඇගයිම් කටයුතු සිදුකරන බවත් මේ සදහා අදාල බලධාරින් ක්‍රියාත්මක වී තමන්ට රාජකාරි සදහා පැමිනිමට ඉන්ධන ලබා දිමට මැදිහත් වන ලෙසට මෙම පිරිස බල කරන්නට විය.
මෙම විරෝධතාවය දහවල් කෑම පැයෙ පැවති අතර පසුව නැවත උත්තර පත්‍ර ඇගයිමට ඇන්ඩෘ ජාතික විද්‍යාලයෙ අදලා මධ්‍යස්ථානය වෙත ගමන් කරනු දැක ගත හැකි විය.
