ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා ඇතුලු දූත පිරිසක් ඊයේ (21දා) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් උතුරු පලාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා සහ යාපනය මහ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා හමු විය.
කැනේඩියානු මහකොමසාරිස් වරයා ඇතුලු දූත පිරිස් යාපනය දිස්ත්‍රීක්කයට සංචාරය කරනු ලැබුවේ දුම්රිය මගින් වන අතර පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එලෙස දුම්රිය මගින් යාපනයට ගමන් කිරීමට පියවර ගත් බව කැනේඩියානු දූත පිරිස කියා සිටියහ.
එහිදී යාපනයේ පිහිටි උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා යාපනය හ මහනගරසභාවේදී මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා හමුවී උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡාවක නිරත වී ඇත.
එහිදී පැවති සාකච්ඡාවේදී රටේ පවතින වත්මන් වාතාවරනය හමුවේ උතුරේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති අඩාල වී ඇති බවටත් පවතින තත්වය යහපත් අතට පත්වූ විගස නැවත් උතුරේ සංවර්ධන කටයුතු ක්‍රියාවට නංවන බවට කැනේඩියානු මහකොමසාරිස්වරයා ඇතුලු දූත පිරිසට දැනුම් දුන්නේ යැයිද යාපනය මහ නගරාධිපතිවරයා මාධ්‍යට පැවසීය.

.