saravita-anim2

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

Latest News - timelapse 5955 hours ago

LATEST

ජනපතිගේ සිට සියලු දෙනා රට වෙනුවෙන් පරිත්‍යාගයක් කළ යුතුයි

calendar_today 2022 මැයි 03 - 14:54 remove_red_eye - 1011  

රට වැටී තිබෙන බැරෑරුම් තත්ත්වය තේරුම්ගෙන ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනා මේ මොහොතේ රට වෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් කළ යුතුව තිබෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මහනුවරදී පැවසීය .

(LONG READS) දූෂණ ගණුදෙනු පිළිබඳව හෙළිදරව් කිරීම වෙනුවෙන් අද පෙවරුවේ පැවැති වැඩසටහනේදී අනුර කුමාර දිසානායක මහතා ගණුදෙනු රාශියක් හෙලි කළේය. මේ එම ගනුදෙනු කිහිපයකි.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රබල රාජ්‍ය ඇමතිවරයකුගේ ආධාරකරුවකුගේ නිවස පිටුපස දරගොඩක සගවා තිබු ටී 56 ගිනි අවියක් හා තවත් උපකරණ රැසක් සමග ප්‍රධාන සැකකරුවකු ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරින් අද (03දා) අලුයම අත්අඩංගුවට ගත් බව පවසයි.

Read More

ව්‍යාපාරිකයෙකුට අයත් බව පැවසෙන මෝටර් රථ දෙකකට සහ යතුරු පැදියකට අද (03දා) ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය පවසයි.

Read More

යාපනය පේදුරුතුඩුව වල්ලෙයිවේලී ප්‍රදේශයේදී පෞද්ගලික හෝටලයක දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකදී බෝතල් ප්‍රහාරයකට ලක් වූ තරුණයෙකු ඊයේ (02දා) සවස මිය ගොස් ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

Read More

රාජපක්ෂ පවුල්වල සාමාජිකයින්ට ලබාදී ඇති ගරු නම්බුනාම වහාම ඉවත්කරන ලෙසත්, රාජපක්ෂ පවුලේ පාංශුකූල පිංකමකටවත් සහභාගී නොවන ලෙසත් ඉල්ලා විශේෂ සංදේශයක්ද මෙහිදී භාරදෙන ලදි.

Read More

කූඨ ලෙස තැනූ ව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු අද (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

ප්‍රවීණ රංගන ශිල්පි විල්සන් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 76 වැනි වියේ පසුවූයේය. සිංහල සිනමාවේ දුෂ්ඨයාගේ චරිත හරහා ඔහු ප්‍රේක්ෂකයන් අතරට පිවිසියේය.

Read More

වෙළඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා රජය සහල් සඳහා පාලන මිළ පැනවූ ද පාලන මිලට වඩා අඩුවෙන් වෙළඳපොලේ සහල් අලෙවි කිරීමට ඇති නිසා පාරිභෝගික ජනතාව මෙන්ම වෙළඳ සැල් හිමියන් ද පාලන මිල සම්බන්ධයෙන් දැඩි විමතිය පළ කරමින් සිටිති.

Read More

මේ 11 හමාරෙන් වැලිසර නාවික හමුදා කඳවුරේ අඩියක් උස බුදු පිළිමයක් හදනවා සඳහිරු සෑයෙ තැන්පත් කරන්න. මේ අච්චුවෙන්ම ඊට සමානව තවත් පිත්තලවලින් පිළිම දෙකක් හදනවා. ඊට අමතරව පිළිමතලාවේ අඩි එක හමාරක හා අඩි දෙකහමාරක පිළිම දෙකක් හදනවා. ඊට පස්සේ අඩියේ බුදු පිළිම දෙක සඳහා රන් අලේප කරනවා.

Read More

යාපනය ඉලවාලෙයි පොලිස් වසමේ පිරාම්පිඩ්ඩු, පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ ගිනිගැනීමක් හේතුවෙන් සාමාන්‍ය පෙළ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් ඊයේ (02දා) මිය ගොස් ඇතයි පොලීසිය පවසයි.

Read More

අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ සභාපතිවරයාට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේම විමර්ශනයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.

Read More

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් බිඳ වැටි ඇති බව විදුලි බල මණ්ඩලය විසින් දන්වා ඇතැයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජීවන වියදම් ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසදුම් ලබාදීම පිණිස ජනපති වරයාගේ සභාපතිත්වය යටතේ අග්‍රාමාත්‍යවරයා හා අනෙකුත් අදාළ අමාත්‍යවරුන් හා රාජජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම අනුකාරක සභාව පත්කරයි.

Read More

හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදි සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය ඉදිරිපත් කළ චෝදනාවලට තමන් හෝ තම පවුලේ අය සම්බන්ධ නොමැති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසිය.

Read More

දූෂිත ගණුදෙනු කිහිපයකට අදාළ ලිපිගොනු කිහිපයක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අද ප්‍රසිද්ධ කළේය. කෙළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම ලිපිගොනු ප්‍රකාශයට පත් කළේය.

Read More

පසුගිය මාර්තු මාසයේදී මිය ගිය නැඳුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ඉන්දීය ආනයන හා අපනයන බැංකුව මගින් ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩීසල්, ප්‍රෙට්‍රල් හා ජෙට් A1 ඉන්ධන මිලදී ගැනීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

අඩු ආදායම් ලාභීන්ට ඉදිරි මාස තුනක කාලයක් සඳහා දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ප්‍රතිලාභී පවුල් මිලියන 3.34කට මසකට රුපියල් 4455 බැගින් රුපියල් මිලියන 13364ක් වෙන් කිරීමට නියමිතය.

Read More

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් මෙම මස 06වැනිදා සිදුකරන හර්තාල් හා වැඩවර්ජන ක්‍රියාමාර්ගයට අනුව අනිද්දා (05දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක් දුම්රිය සේවකයන් සේවයෙන් ඉවත්වන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

(LONG READS) වැඩවර්ජනයන් හරහා බෝහෝ විට සිදුවන්නේ, රටේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාහේ අඩාළ වී යාමකි. එමගින් ඍජුවම මෙන්ම වක්‍රාකාරයෙන්ද රටේ සංවර්ධන ක්‍රියාවලියට මෙය බලපාන බව අපට හඳුනාගත හැකිය. වත්මනේ පවතින රජයට හා ජනාධිපතිවරයාගේ පාලන බලයේ ක්‍රියකාරීත්වය දැඩි විවේචනයට ලක් කරමින් උද්ඝෝෂණ මෙන්ම වැඩවර්ජනයන්ද රටේ සිදුකරන ආකාරය අපට දකින්නට අසන්නට ලැබෙන්නකි.

Read More

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියනක ණයෙන් මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක වටිනාකමකින් යුත් වානේ ආනයනය කර ඇති බව මුදල් අමාත්‍යාශය සඳහන් කරයි.

Read More

රුසියානු බැංකුවල ගිණුම් විවෘත කිරීමට සහ රටේ බදු අධිකාරිය සමග ලියාපදිංචි වීමට විදේශීය සමාගම්වලට පහසු වන පරිදි රුසියානු බදු නීතිය සංශෝධනය කර තිබේ.

Read More

ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ, ආහාර හා ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් යුවාන් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට චීනය කටයුතු කර තිබේ. මේ අපසහු අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනතාවට සහායවිමට මෙම ප්‍රදානය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

චීනය 2022 මැයි 1 වැනි දින නැගෙනහිර එරට ෂීජියෑන්ග් පළාතේ හැන්ග්ෂෝ හිදී ඔමික්‍රෝන් ප්‍රභේදවලට එරෙහිව අක්‍රිය කළ එන්නතක් සඳහා සායනික පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙ අනුව ඔහු එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

Read More

’’දැන් වෙනත් රටවල නායකයන් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුම්වලට පවා ආපසු පිළිතුරු දෙන්නේ නැහැ’’ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස් හිමියකු ලෙස චීනය , ශ්‍රී ලංකාවේ ස්ථාවරය ධනාත්මකව සලකා බැලීමට සහ හැකි ඉක්මනින් එකඟතාවයකට පැමිණීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිගැන්වීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන බව ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසන්නේ සහේල් කලාපයේ ත්‍රස්ත ප්‍රහාර දිගින් දිගටම වැඩිවෙමින් පවතින බවයි.

Read More

ඒ අනුව සුදු සහ රතු නාඩු කිලෝවක් රුපියල් 220ක් ලෙස, සුදු සහ රතු සම්බා කිලෝවක් රුපියල් 230ක් ලෙස හා කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260ක් ලෙස යනාදී ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.