රට පුරා ව්‍යාප්ත #Gotagohome ජන අරගලයේ සාමාජිකයින් පිරිසක් අද පෙවරුවේ මහනුවර මල්වතු සහ අස්ගිරි මහා විහාරයන් වෙත ගොස් මහානායක හිමිවරුන් බැහැදැක ජන පීඩක, අධර්මිෂ්ඨ, අශිෂ්ඨ රාජපක්ෂ පාලනයට එරෙහිව සංඝ ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා තිබේ.
එසේම රාජපක්ෂ පවුල්වල සාමාජිකයින්ට ලබාදී ඇති ගරු නම්බුනාම වහාම ඉවත්කරන ලෙසත්, රාජපක්ෂ පවුලේ පාංශුකූල පිංකමකටවත් සහභාගී නොවන ලෙසත් ඉල්ලා විශේෂ සංදේශයක්ද මෙහිදී භාරදෙන ලදි.

