යාපනය පේදුරුතුඩුව වල්ලෙයිවේලී ප්‍රදේශයේදී පෞද්ගලික හෝටලයක දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකදී බෝතල් ප්‍රහාරයකට ලක් වූ තරුණයෙකු ඊයේ (02දා) සවස මිය ගොස් ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.
පේදුරුතුඩුව මාර්ගයේ වල්ලෙයිවේලි ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයක් තුල තරුණයින් දෙපිරිසක් මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී දෙපාර්ශවය පළමුව බහින්බස්වීමක් සිදුව ඇති අතර පසුව එක් පාර්ශවයක සිටි අයෙකු විසින් මත්පැන් බෝතලයක් කඩා එයින් අනෙක් පාර්ශවයේ සිටි තරුණයෙකුට බරපතල ලෙසින් පහරදීම හේතුවෙන් එම තරුණයා බරපතල කැපුම් තුවාල ලැබීය.
අනතුරුව පහරදීම සිදුකල පිරිස් පලා යාමෙන් පසුව අසල්වාසීන් විසින් තුවාල ලැබූ තරුණයා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කොට ඇතත් ඒ වන විටත් එම තරුණයා මිය ගොස් ඇතැයි රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.
මෙලෙස පහරදීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය තික්කම් නාච්චිමාර් කෝවිල් සන්ධි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ගුණසේකරන් ගුණසෝදි නැමති අයෙකි.
අදාල පහරදීම සමබන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවටත් සැකකරුවන් මේ වන විට සැඟව ඇති හෙයින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇතැයිද නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
