විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් තන්තිරිමලය පුදබිම 19 වන වරටත් විදුලි බුබුළු දස දහස් ගණනකින් ආලෝකවත් කිරීම මේ මස 13දා සහ පොසොන් පුන් පොහොය යෙදෙන 14දා තන්තිරිමලය රජ මහා විහාරයේ දී මෙම ආලෝක පූජාව සිදු කිරීමට මේ වන විට සියලූ කටයුතු සූදානම් කෙරෙමින් පවතී .
එයට සමගාමීව තන්තිරිමලය පුද බිමේ ඇති චෛත්‍යයේ සුදු හුණු පිළියම් කිරීමෙන් අනතුරුව, විදුලි කාර්මික ශිල්පීන් විසින් විදුලි බුබුළු සවි කරන ආකාරය ඡායාරූපයෙන් දැක ගත හැකි වේ .
