හෙට දිනයේ සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව එළිමහන් ස්ථානවල, නිවාස හෝ ගොඩනැගිලි අභ්‍යන්තරයේත් මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්යෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
කෙසේ වෙතත් යම් පුද්ගලයෙක් මුහුණු ආවරණ පැළඳීමට කැමැත්තක් දක්වන්නේ නම් නීතිය සංශෝධනය වුවද එය බාධාවක් නොවන බව එම නිවේදනයේ සඳහන්ය.
උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් එවන් අවස්ථාවල මුහුණු ආවරණ පැළඳීම සුදුසු බවදට එහි සඳහන් වේ.