රටේ තත්ත්වය ආණ්ඩුව සිතුව තරම් අයහපත් නොවන අතර මෙම වර්ෂය අවසන් වෙනතෙක් මෙරට අවශ්‍යතාවයට සහල් තිබෙන බවත්, ඒ අනුව සහල් හිඟයක් ඇති වන බවට බිය වීමට අවශ්‍ය නොවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එමෙන්ම වර්ථමානය වන විය හෙක්ටයාර 447,000ක වගාවක් සිදු වෙමින් තිබෙන බවත්, එය පසුගිය වසර වලට සාපේක්ෂව ඉහළ අගයක් බවත් අද (09දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් හෙතෙම සඳහන් කළේය.
තුන්වේලක් කෑමට ගත් ජනතාවට දෙවේලක් පමණක් කෑමට ගන්න වෙන තත්ත්වයක් උදා වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කළ බවත්, එසේ තිබියදී කෘෂිකර්ම අමාත්‍යවරයා ආහාර හිඟයක් ගැන බියවීමට අවශ්‍ය නොවන බවට ප්‍රකාශ කරන අතර, ඉන් කුමන ප්‍රකාශයද පිළිගත යුත්තේ යන්න ප්‍රකාශ කළ යුතු බවත් එහිදී අදහස් පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
අගමැතිවරයා සඳහන් කළ ආකාරයෙක් අහාර වල මිල වැඩි වීම හේතුවෙන් ප්‍රශ්නයක් තිබෙන බවත්, කෙසේ වෙතත් මෙරට ජනතාවට ආහාර නොමැතිව මියැදීමට ඉඩ නොතබන බවත් ඊට පිළිතුරැ ලබා දෙහින් අමාත්‍යවරයා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර - දැනට අපිට ලැබෙන තොරතුරැ අනුව හෙක්ටයාර 447,000ක වගාවක් සිදු වෙනවා. මේ සඳහා බිම් සැකසීම් කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒක පසුගිය කන්නය සමග බලනකොට හොඳ තත්ත්වයක්. සාමාන්‍යයෙන් හෙක්ටයාර ලක්ෂ 06ක් කියලා කිව්වට 2020 වගා කරලා තිබෙන්නේ හෙක්ටයාර 403,362යි. 2021 වගා කරලා තිබෙන්නේ හෙක්ටයාර 445,000යි. මේ අවුරැද්දේ 447,000යි. ඒ කියන්නේ මේ කාලයේ තමයි පොහොර නිකන් දුන්න කාලයටත් වැඩිය හොඳ ප්රවනතාවයක් ඇතිවෙලා තිබෙන්නේ. ඒ නිසා අපි හිතුව තරම් නරක නෑ රටේ තත්ත්වය. ඉදිරියේදී හොඳ තත්ත්වයක් නිර්මාණය වෙනවා. අපිට මුලින් තිබුණු බය තමයි ජනතාව බය වෙලා සහල් ගිහින් ගොඩ ගහගන්න බලනවා. වී ගොඩගහගන්න බලනවා. ඒවා මාස ගානක් යනකොට නරක්වෙනවා කියලා දන්නේ නැති අය තමයි මේවා ගෙනියන්නේ. අපිට දැන් තිවෙන තත්ත්වය අනුව මේ අවරැදුදේ අවසන් දවස් කිහිපයට විතරයි සහල් මදිවෙන්නේ. ලබන අවුරැද්දේ ජනවාරි මාසයට තමයි සහල් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා කලබල වෙන්න එපා. අපිට සහල් හිඟයක් ඇතිවෙන්නේ නෑ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් - ඇමතිතුමාගේ කතාවේදී පැහැදිලි කළා ආහාර හිඟයක් එන්නේ නෑ, සහල් අර්බුදයක් නෑ බයවෙන්න එපා කියලා. නමුත් පසුගියදා අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේදී එතුමා කිව්වා ඉදිරි මාසය තුළ ඉතාමත් අසීරැ තත්ත්වයකට යන්න වෙනවා, තුන්වේල කාපු අපිට දෙවේල කන්න වෙන තත්ත්වයක් රටේ ඇති වෙනවා කියලා කිව්වා. නමුත් ඔබතුමා ප්‍රකාශ කරනවා එහෙම ප්‍රශ්නයක් නෑ බය වෙන්න එපා කියලා. ඒ අනුව මම අහන්න කැමතියි අගමැතිතුමා කරන ප්‍රකාශය පිළිබඳ ඔබතුමා මොකක්ද කියන්නේ කියලා. ;
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර - මම කියන්නෙත් අගමැතිතුමාම කියපු දේ තමයි. ආහාර වල ප්‍රශ්නයක් තිබෙනවා. මිල වැඩියිනේ. කන්න නැතිව මේ රටේ මිනිස්සු මැරෙන්න අපි ඉඩ තබන්නේ නෑ. ඒක රජයේ වගකීමක්.