යාපනය අරියාලෙයි ප්රදේශයේදී ඊයේ (09දා) රාත්රියේ දුම්රියක මෝටර්රථයක් ගැටීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.
කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ නගරාන්තර සීග්රගාමී දුම්රියට අරියලෙයි ප්රදේශයේ මාම්පල්ම් මංසන්ධියේ පිහිටි දුම්රිය හරස්මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.
අදාල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය පැමිණෙන අවස්ථාවේදී ආලෝක සංඥා පුවරු ක්රියාත්මක වුනද එම සංඥා නොසලකා හරිමින් අදාල කාර් රථය රියදුරු විසින් ධාවනය කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැක පලකරයි.
දුම්රියේ මෝටර්රථයේ ගැටීමෙන් පසුව දුම්රියේ ධාවන කටයුතුද පැයක පමණ කාලයක් නැවතී තිබූ අතර ප්රදේශවාසීන් සහ පොලීසිය එම ස්ථානයට පැමිණ මෝටර්රථයේ සිටි මගීන් එලියට ගැනීමට පියවර ගත්තද එහි සිටි දෙදෙනාම මිය ගොස් සිටි බවටද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.


