යාපනය ස්වර්ණාභරණ වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 21 ට අධික රන් බඩු සොරා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනකු සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කාන්තාවන් තිදෙනා මව සහ දියණියන් දෙදෙනා බවත්, ඔවුන් බලපිටිය, ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 48,32,26 යන වයස්වල පසුවන්නියන් බවද සැකකරු වයස අවුරුදු 50 ක් වන බණ්ඩාරගම ප්රදේශයේ පදිංචි කරුවෙකි.
අත්අඩංගුවට ගත් ප්රධාන සැකකාරිය වන 48 හැවිරිදි කාන්තාව දිවයිනේ ලියාපදිංචි අපරාධකාරියක් බවද පොලිසිය පවසයි.
මෙම සැකකාරියන් විසින් සොරාගත් රන් භාණ්ඩ අලෙවි කර ඇත්තේ බණ්ඩාරගම පදිංචි සැකකරු බවද පොලිසිය සඳහන් කරයි.