saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 5629 hours ago

LATEST

රුසියාව හෙළා දකින ලෙස ඉන්දියාවට ජපාන බලපෑම්

calendar_today 2022 මාර් 20 - 22:00 remove_red_eye - 539  

යුක්රේනය තුළ රුසියාව ගෙන යන හමුදා ක්‍රියාවන් සම්බන්ධයෙන් විවෘතව හෙලා දකින පීඩනයට ඉන්දියාව දිගින් දිගටම විරුද්ධ වන පරිසරයක ජපාන අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව ඒ වෙත තල්ලු කිරීමට නැවතත් උත්සාහ කර ඇත.

ජාතික වොලිබෝල් තේරිම් කමිටුවට ෆින්ලන්ත ජාතික පුහුණු කරුවෙකු සිදුකරනු ලබන බලපෑම් දිගින් දිගටම පැවතියහොත් තමන් ජාතික වොලිබෝල් තේරිම් කමිටු සභාපති ධුරයෙන් ඉවත්වන බව ජාතික වොලිබෝල් තේරිම් කමිටු සභාපති එල්.සි.ඒකනායක මහතා පවසයි.

Read More

යුක්රේනයේ විරුද්ධ පක්ෂ රැසක් රුසියාවට සහාය දක්වන බවට වන චෝදනා සමග ජනාධිපති සෙලෙන්ස්කි විසින් රටේ විරුද්ධ පක්ෂ නිහඬ කිරීමට කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලීසියේ සයිබර් කටයුතු ඉහළ නැංවීමට, ත්‍රස්තවාදී හා අන්තවාදී තර්ජන හඳුනා ගැනීමට හා තවත් කරුණු ගණනාවක් පිළිබඳ මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි මහතා සමග සාකච්ඡා කළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ඔමික්‍රෝන් වැළැක්වීම සහ පාලනය සම්බන්ධයෙන් විශේෂඥයා පැවසුවේ, හැකි ඉක්මනින් සම්ප්‍රේෂණ දාමය කපා හැරීම, ප්‍රධාන කණ්ඩායම්, ස්ථාන, ආයතන අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ කලින් හඳුනාගැනීම සඳහා පියවර ක්‍රියාත්මක කිරීමයි.

Read More

ඉදිරි වසර පහ තුලත් වත්මන් රජයම මේ රට පාලනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

2021 ලෝක බැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාව තුළ බැහැර කෙරෙන කැළිකසලවලින් 80%ක් පුළුස්සා දැමෙන බවත්, එසේම එය මේ වනවිටබරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති බවත් පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙයි. අමාත්‍යාංශය සඳහන් කරන්නේ එලෙස බැහැර කෙරෙන කැළිකසළවලින් විශාල ප්‍රමාණයක්ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 80%ක් පමණ ජීවත්වන ග්‍රාමීය අංශය තුළදී දක්නට ලැබෙන බවයි.

Read More

ආණ්ඩුව ඖෂධ මිල පාලනය ඉවත් කිරීමට කටයුතු කළහොත් සමගි ජන බලවේගයට ඊට විරුද්ධව වීදි සටන් ආරම්භ කරන බවත්, එමෙන්ම සමගි ජන බලවේග ආණ්ඩුවක් පත් වූ පසු සතියක් ඇතුළත නැවත ඖෂධ සඳහා මිල පාලනයක් ගෙන එන බවත් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

කණකර උකස් කර අසීමිත දුකක් විදිමින් රුපියල් 30 000ට පොහොර මිටිය කලුකඩෙන් ගෙනවිත් අමාරුවෙන් වගා කළ ගොවි ජනතාව ඇතුළු ගෑස් පෝලිම්වල තෙල් පෝලිම්වල ආදී පෝලිම්වල දුක් විදින කට්ට කන ජනතාවගෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් බොරු වපුරා මහින්ද ගෙදර යැව් පරිද්දෙන් මේ ආණ්ඩුව ද ගෙදර යවන්න හදන කුමන්ත්‍රණවලට හසු නොවන බවත් පළාත් සභා හා පළාත් පාළන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත යැවීමට සූදානම් වූ රත්රන් කිලෝ 6ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

රුසියාවේ කොස්ට්‍රෝමා 331 වන ආරක්ෂක ගුවන් හමුදා රෙජිමේන්තුව තම හමුදා විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව යුක්රේන ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කරයි.

Read More

හයිලන්ඩ් කිරිපිටි මිල වැඩි නොකර ලබන මාසයේදී කිරිපිටි තොග වෙළඳපොළ වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව මිල්කෝ සභාපති සභාපති රේණුක පෙරේරා මහතා පැවසීය.

Read More

ලබන 23 දා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට එක්නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි නායක අනුර කුමාර දිසානායක මහතා අද (20දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව තහවුරු කළේය.

Read More

දේශිය කිරිපිටි සමාගමක් වන පැල්වත්ත කිරිපිටි සමාගම තම කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 105 කින් ඉහළ දමා තිබේ.

Read More

මම ස්භාවධර්මය විශ්වාස කරනවා. ඒ නිසා ස්භාවධර්මයෙන්ම මාව ගෙදර යැව්වා. නමුත් මගේ පුංචි මල්ලි තවම පාර්ලිමේන්තුවේ ඉන්නවා. මෙම කාලය අපිට හොද කාලයක් අපේ අඩුපාඩුකම් විශ්ලේෂණය කරන්න, සැලසුම් හදන්න.

Read More

චීනය නිදහස් වෙළඳ ගිවිසුම් 26 කට වඩා වැඩි ප්‍රමාණයකට අත්සන් තබා ඇති බව අවධාරණය කළ තානාපතිවරයා, ශ්‍රී ලංකාව සහ චීනය අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කිරීම හරහා ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ සහ නිෂ්පාදන සඳහා බොහෝ ප්‍රයෝජන හිමිවනු ඇතැයි සඳහන් කළේ ය. නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ 7 වැනි වටයේ සාකච්ඡා කඩිනමින් යළි ආරම්භ කරන ලෙසද ඔහු ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

Read More

කෝටි ගණන් වැය කරමින් පවත්වාගෙන යන පාර්ලිමේන්තු භෝජනාගාරය වහා වසා දමන ලෙස ඉල්ලා අද (20දා) පෙරවරුවේදී පිටිගල අමරගමදී ජනතාව උද්ඝෝෂණයක නිරත විය.

Read More

බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

ලාෆ් සමාගම සිය ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ. මේ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4199ක් දක්වා ඉහළ දමා තිබේ.

Read More

කඩවත නගරයේ ඉන්ධන හළක් තුළ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙක් ඇද වැටී මියගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යාපනය සංචාරයට විරෝධය පාමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (19) දින විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

Read More

කිරිපිටි මිල ඉහළ යෑම හා සිනි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කොප්පයක මිල රුපියල් 100ක් දක්වා ඉහළ නැංවීමට ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව දැනටමත් ‘අතිධාවන උද්ධමනය‘ ට මුහුණ දී ඇති බවත්, කිසිදු පාලනයකින් තොරව සල්ලි අච්චු ගැසීමට මහ බැංකුවත් කටයුතු කරන්නේ නම් එය ‘ජවන උද්ධමනයක්‘ බවට පත්වීම නොවැලැක්විය හැකි වනු ඇති බවත් හිටපු ආණ්ඩුකාර රන්ජිත් කිර්ති තෙන්නකෝන් මහතා පැවැසීය.

Read More

ආණ්ඩුව කා ගත්තට අපිට කරන්න දෙයක් නෑ. ආණ්ඩුවේ තියෙන විවිධ ප්‍රශ්න නිසා රට අපහසුතාවට පත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිඳු විටක ඉඩ තියන්නේ නෑ.මේ ජනාධිපතිධුරයෙන් (විධායක) ලැබුණ එකම දේ තමයි යුද්ධය පරාජය කරන්න ලැබිම.

Read More

රටට ප්‍රශ්න ඇතිවූයේ විධායක ජනපතිධුරය නිසා බවත් පක්ෂයක් ලෙස විධායක ජනපතිධුරය අහෝසි කළ යුතුමයි කියන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

2022 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දින නියම වී තිබේ. ඒ අනුව තරගාවලිය අගෝස්තු 27 දා සිට සැප්තැම්බර් 11 දා තෙක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

යුක්රේනයේ සිදුවන රුසියානු හමුදා මෙහෙයුම් සමග බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව පනවනු ලැබූ ආර්ථික සම්බාධක හේතුවෙන් රුසියාව චීනය වෙතට වඩාත් නැඹුරු වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අවලංගු කෙරෙයි.

Read More

මොස්කව් සිය හමුදා මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු පළමු වැනි වතාවට කින්සාල් හයිපර්සොනික් මිසයිල යුක්රේනයේ මර්මස්ථාන වෙත එල්ල කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණනය කරනු ලබන ලෝක සංතුෂ්ඨි දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන දෙකක් ඉදරියට පැමිණ 127 වැනි ස්ථානයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.