ශ්‍යාමෝපාලී අස්ගිරි විහාර පාර්ශවයේ මහා නායක බදුල්ල මුතියංගන රාජ මහා විහාරාධිපති වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඥානන්ද ඥාණරතන නාහිමියන්ගේ අසූවැනි ජන්ම දිනය අද (18දා) යෙදී තිබිණි.
ඓතිහාසික ගාල්ල කොටුවට ඇතුළුවීම සඳහා ඕලන්ද ජාතිකයන් විසින් ඉදිකරන ලද ප්‍රවේශ මාර්ගයේ සවිකර තිබූ පැරණි දොර පියන් ගලවා ඉවත්කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය දා කටයුතු කළේය. මධ්‍යම සංස්කෘතික අරමුදල පවසන්නේ මෙම දොර පියන් දෙක කඩා වැටීමට ආසන්න මට්ටමක තිබූ බැවින් එය ගලවා ඉවත් කළ බවයි.
Read Moreදඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් බුලාගල ප්‍රදේශයදී ඊයේ (17දා) රාත්‍රීෙය්දී ධාවනය වෙමින් තිබූ බස් රථයක් එක වරම ගිනි ගැනීම් හේතුවෙන් මගී ජීවිත රැසක් අනුනවයෙන් බේරීමේ පුවතක් වාර්තා වෙයි .
Read Moreගෘහස්ත පරිභෝජනය සඳහා මෙන්ම අලෙවිසැල් වෙත ගෑස් බෙදා හැරීම ලි ට්‍රෝ සමාගම විසින් ආරම්භ කර තිබේ. ඒ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක නැවකින් ගෑස් ගොඩබෑම ආරම්භ වීම හේතුවෙනි. කෙසේ වෙතත් මෙම ගෑස් තොගය ප්‍රමාණවත් වන්නේ දින 2ක හමාරක කාලයකට පමණි.
Read Moreඅධිබලැති යතුරු පැදි හා සුඛෝපභෝගී වාහන රැසක් ගමන් කළ වාහන පෙළපාලියට අමාත්‍ය නාමල් රාජපක්ෂ හෝ ඔහුගේ සහෝදරයන් සම්බන්ධ නෙමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයක් වන එස් කාසිලිංගම් මහතා පවසයි. එය පෞද්ගලිික වාහන පෙළපාලියක් බවද අසත්‍ය ප්‍රවෘත්ත හුවමාරු කිිරීමෙන් වළකින ලෙසත් ඔහු වැඩිදුරටත් පවසයි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreඅද (18දා) පැවැත්වීමට නියමිත මෙම ඇමතුම, ජනාධිපති ෂී ජින්පිං සිටින්නේ කොතැනදැයි තක්සේරු කිරීමට ජනාධිපති බයිඩන්ට අවස්ථාවක් යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් ප්සාකි වාර්තාකරුවන්ට පැවසීය.
Read Moreමේ අනුව ඒ සිිට එල් කලාප සඳහා දහවල් කාලයේදී පැය තුනයි විනාඩි 20ක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි 40ක් විදුලිිය කප්පාදු කරයිි. ඊට අමතව පී සිිට ඩබිලිව් දක්වා වන කලාප සඳහා දහවල් කාලයේදී පැය දෙකක් හා රාත්‍රී කාලය් පැයයි විනාඩි 15ක කාලයක් විදුලිිය කප්පාදු කිරිමට නියමිතය.
Read Moreයුරෝපයේ පෙබරවාරි පාරිභෝගික මිල උද්ධමනය පසුගිය වසරේ වාර්ෂිකව පැවති 0.9% හා සසඳන විට 5.9%කින් වේගවත් වී ඇති අතර, එය වාර්තාගත වේගවත්ම වාර්ෂික ඉහළ යෑමක් සනිටුහන් කරන බව යුරෝස්ටැට් සංඛ්‍යාලේඛන ඒජන්සිය පවසයි.
Read Moreසීගිරිය ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර මෙරට පළමු පරිසර හිතකාමි සංචාරක කළාපයක් ලෙස මේ වසරේ දි ප්‍රකාශයට පත්කෙරේ.
Read Moreයුක්රේනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම අස්ථාවරත්වය වැඩි නොකළේ නම් ලේ වැගිරීම වළක්වා ගත හැකිව තිබූ බව ජනාධිපති සිරිල් රමෆෝසා පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ වඩාත්ම ක්‍රියාකාරී ලෙස වාර්තා වී ඇති ඉහළම මන්ත්‍රීවරුන් පස් දෙනා අතරට පත්ව තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ෆෝට් ලෝඩර්ඩේල් හි බ්‍රහස්පතින්දා සංක්‍රමණ බස් රථයක් තුළ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
Read Moreරටේ මොන තරම් ප්‍රශ්න තිබුණද එලඹෙන අප්‍රේල් මස නුවරඑලිය වසන්ත උදානය අප්‍රේල් (01) දින සිට ආරම්භ කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායන මහතා පැවසිය.
Read Moreවරක් යුරෝපයේ කොවිඩ්-19 අපිකේන්ද්‍රය බවට පත්වූ ඉතාලියේ මේ වනවිට කොවිඩ්-19 වෛරස සීමා ඉවත් කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, වසංගතයට එරෙහි එන්නත්කරණය හා බූස්ටර් මාත්‍රා ලබාදීම ප්‍රශස්ත මට්ටමක පැවතීමය.
Read Moreරසායනාගාර ප්‍රතික්‍රීයක ඇතුලු අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සදහා බිලියන 10ක පමණ ගෙවීම් පැහැර හැරීම නිසා රසායනාගාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රැසක් ක්‍රමාණුකූලව නතරවන තත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreරාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගෙන් 22000කට ආසන්න සංඛ්‍යාවක් ගුරු සේවය සඳහා බඳවා ගැනීමට හැකියාව ඇති බවත් ඔවුන් ඒ සඳහා ඉල්ලුම් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
Read Moreඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පවත්වා තිබේ.
Read Moreමුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් වන තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කිරීම නවත්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreකැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලේ ඊයේ (16දා) රාත්‍රියේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස් වීම ගුටි කෙළියක් දක්වා වර්ධනය විය.
Read Moreයෝගට්, රට ඉඳි, බටර්, ඇපල්, මිදි, දොඩම් ඇතුළු පිටරටින් ගෙන්වන ආහාර වෙනුවෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් අය කිරිමට තීරණය කර තිබේ. මෙම බදු අයකිරීම මාර්තු 10 දා සිට ඉදිරි මාස හයක කාලයක් සඳහා වලංගු වෙයි.
Read MoreSail Lanka Yachting Group ආයතනය විසින් ශ්‍රී ලංකාවේ එක්ලැස් කර නිෂ්පාදනය කරන ලද ජලයේ හා ගොඩබිමේ දෙකහිම ධාවනය කල හැකි Iguana X100 යාත්‍රාව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එළිදැක්වීම කොළඹ වරාය නගරයේදී සිදුවිය.
Read Moreඉන්ධන හා ගෑස් ලබා ගැනීමේ දි සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන්ට ප්‍රමුඛතාව ලබා දීම සදහා අවශ්‍ය පියවර ගන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විෂයභාර ඇමතිවරුන්ගෙන් ඉල්ලයි. මේ පිළිබදව ඉන්ධන හා ගෑස් අලෙවි මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙස ද ඇමතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටි.
Read Moreයුක්රේනය ආක්‍රමණය කිරීමේදී රුසියානු සෙබළුන් 7,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ ගණන් බලා ඇත.
Read Moreමහ බැංකු අධිපතිවරයාට ඉවත් වන ලෙස දැනුම් දුන් බවට පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
Read Moreශ්‍රී ලංකාවේ කොළඹ වරාය 2021 දී බහාලුම් ඒකක මිලියන 7.25 ක වාර්තාගත හැසිරවීමක් හේතුවෙන් එම වර්ෂයේදී සියයට 6 ක වර්ධනයක් ලබමින් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නා බවත් ශ්‍රී ලංකාව අවස්ථා 16කදී ජාතයන්තර අරමුදල වෙත ගොස් ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඊජිප්තු ජාතික සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියෙන් වැටි බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් අනතුරුව (16) දින රාත්‍රියේ මියගොස් ඇති බව පට්ටපොල පොලිසියේ නිලධාරියෙකු පැවසිය
Read Moreජනපති ජාතිය අමතමින් කළ ප්‍රකාශය අනුව ඉන්ධන හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නේ කෙසේදැයි යන්න පිළිබඳව පහදා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Read Moreඊනියා රන් බිලියනපතියන් හෙවත් බටහිර සංවර්ධිත රාජ්‍ය නමැති මිත්‍යාව බිඳ වැටෙමින් තිබෙන බව රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් අනාවරණය කරයි.
Read More