saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 586 hours ago

LATEST

නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත් වන්න

calendar_today 2025 මැයි 16 - 15:47 remove_red_eye - 105  

මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දුන්නේය.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයක් මත හැටන් සිට දුරගමන් සේවා සදහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් රථ ගිනිගත්හේන පොලිසිය මගින් (15) දින හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.

Read More

දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළද ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය ලබා දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබ්නට් අනුමැතිය මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් පත්කල විද්වත් කමිටුවක් මඟින් ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් පවතියි.

Read More

රුපියල් කෝටි 21 ක් වටිනා රත්තරන් තොගයක් , වාහන අමතර කොටස් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ ’’ රක්ත මාවත ’’ ( Red Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු 05/15 දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මාතලේ උකුවෙල ලෑලිඅඹේ උඩංගමුව ප්‍රදේශයේ නිවසකදී කිසියම් අයෙකු විසින් ඊයේ (15 දා) කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය කියයි .

Read More

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා විසින් කොළඹ මහාධිකරණ භූමියේදී මාධ්‍ය වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

කොත්මලේ ගැරඩි ඇල්ල ප්ර දේශයේදි 23 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදු වූ ලංගම බස් රථය සම්බන්ධයෙන් සොයා බැලීමට මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පත් කල කමිටුවේ නිළධාරින් (15) දින කොත්මලේ පොලිසිය වෙත පැමිණ අනතුරට පත් බස් රථය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කරනු ලැබුවා.

Read More

චීනයේ ශිෂුවාන් විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයකු (ආචාර්ය උපාධිදරයකු) වූ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා එම විශ්වවිද්‍යාලයේ ගෞරව මහාචාර්ය ධූරයකින් පසුගියදා පිදුම් ලැබීය.

Read More

හෙද වෘත්තියේ යෙදෙන අයගෙන් 95% ක්ම කාන්තාවන් බැවින්සේවා ස්ථානය තුළදී හෙද වෘත්තිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය යුතුව තිබෙනබවඅග්‍රාමාත්‍යය ආචාර්ය හරිනී අමරසූරිය මෙණවියපවසයි.

Read More

වෙන්දේසි කිරීමට නියමිත වාහන අතර BMW වර්ගයේ රථ 02ක්, නිසාන් X-trail රථයක්, Land Rover Defender රථ 02ක්, ටොයෝටා Land Cruiser රථ 3ක්, මිට්සුබිෂි Montero රථයක් සහ මිට්සුබිෂි වර්ගයේ පෙජරෝ රථයක් විකිණීමට සැලසුම් කර මිල ගණන් කැඳවා ඇත.

Read More

අද (15දා) උදෑසන ඒ 09 මාර්ගයේ විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් මැදවච්චිය - සංගිලි කනදරාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් අනතුරකට පත්ව ඇත.

Read More

එකොළොස් වන විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි ප්‍රථම කාන්තා නියෝජනය සිදු කරමින් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි වැඩ භාර ගනී.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජයග්‍රාහකයන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක මුදලක් ලබා දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය නිවේදනය කරයි.

Read More

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.

Read More

පොලොන්නරුව සිරිපුර බාල පොහොර ජාවාරම්කරුවාට අයත් කියන තවත් බාල පොහොර පටවා ගත් ලොරියක් දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ සඟවා තිබ්යදි 15 වෙනිදා සවස සොයා ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.

Read More

විසර්ජන පනත් කෙටුම්පතින් කාන්තා කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන අඩු කිරීමට පසුගිය රජය කටයුතු කිරීමට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තා සාමාජිකයන් පිරිසක් බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පවත්වන ලද විරෝධතාවට බාධා කරමින් පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කිරීමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජූනි 19 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කළේය.

Read More

අපවිත්‍ර දෑත්වලින් දන්සලක ආහාර සකස් කළ බව කියන වෘත්තීය අරක්කැමියන් සිවු දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට හාලිඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ සිදුව තිබෙන දේශපාලනික පරිවර්තනය පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Read More

නවසීලන්ත පාර්ලිමේන්තුවේ ‘හකා’ නර්ථනයේ යෙදුන මන්ත්‍රීවරුන් තිදෙනෙකු​ට පාර්ලිමේන්තුව දින 21කට අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More

ආරච්චිකට්ටුව සීමාසහිත විවිධ සේවා සමූපාකාර සමීතියට ඉතිහාසයේ ප්‍රථම වතාවට නව පාලක පක්ෂයක් වන ජාතික ජනබල වේගය කණ්ඩායමකට බලය ලැබීමෙන් පසු 14දා එහි අධ්‍යක්ෂ මණ්ඩලය පිහිටවනු ලැබීය.

Read More

වත්මන් ආණ්ඩුව නුදුරු දිනකදීම 25% ත් 30%ත් අතර ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන බවත් එවැනි තත්ත්වයක් යටතේ ජන ජීවිතය පමණක් නොව මුළු මහත් කර්මාන්ත පද්ධතියම ඉතා විශාල ගුණයකින් අර්බුදයක් කරා තල්ලු වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.

Read More

2025 අයි.පී.එල්. තරගාවලියේ ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාවේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එක්වන බව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තහවුරු කර තිබේ.

Read More

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33000ක් ප්‍රවාහනය කල පෞද්ගලික අංශයේ බවුසර් රථයක් පෙරලීමෙන් සිදු වූ ඉන්ධන කාන්දුවෙන් ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 13000ක් පමණ අඩු වී ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකිර්ණයේ නිළධාරියෙකු පැවසීය.

Read More

තණමල්විල උඩවලව මාර්ගයේ උඩවලව ජලාශය ආසන්නයේදී (14) වෙනිදා උදෑසන 04.30 පමණ මෝටර් රථයක් පාරෙන් ඉවතට ගොස් ගසක හැපී අනතුරක් සිදුවී තිබේ.

Read More

කොත්මලේ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් (14) දින පස්වරුවේ සිදු වූ වෑන් රථ අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් ආරම්භකර ඇති බව නුවරඑලිය කොට්ටාශභාර පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතා පැවසීය.

Read More

පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ බාල පොහොර ගෙනවිත්, ප්‍රමිතියෙන් යුත් පොහොර බවට වෙනත් මළුවල අසුරා මහා පරිමාණ ජාවාරමට සම්බන්ධයෙන් ඉකුත් 14 වෙනිදා පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකපිට අත්අඩංගුවට ගත් එහි කළමනාකාරවරයා, රියදුරු, ඇතුළු සේවකයින් 12 දෙනා සිරිපුර පොලිසිය මගින් 14 වෙනිදා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් මේ මස 28 වෙනිද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ලෙසට එහි මහේස්ත්‍රාත්

Read More

මෙවර සිරිපා වන්දනාවාරය අවසන් කරමින් සිරිපා මලුවේ තැන්පත් කර තිබු සධාතුක කරඩු, සුමන සමන්දේව ප්‍රිතිමාව සහ පුජාභාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සුමන සමන් දේවාලයේ තැන්පත් කිරිම 14දා සිදුවිය.

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සහ රත්තොට ප්‍රාදේශිය සභාවන්හි බලය පිහිටුවා ගැනිම සදහා ප්‍රධාන දේශපාලන පක්ෂවල අනෙකුත් පක්ෂවල සභිකයින් දිනා ගැනිමේ මෙහෙයුමක දියත් වි ඇති බව දේශපාලන පක්ෂ ආරංචි මාර්ග කියයිි.

Read More

දෙමටගොඩ පොලිස් වසමේදි පසුගිය ‍13දා පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙක් දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.