saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 5957 hours ago

LATEST

ජූනි මාසයේදී 27900 ක් රට රැකියාවලට යති

calendar_today 2022 ජුලි 12 - 17:41 remove_red_eye - 520  

මේ වසරේ ජූනි මාසයේදී පමණක් රැකියා සඳහා 27937 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, ඉන් බහුතරය වූ 18083 විදේශ ගතවී ඇත්තේ ස්වයං මාර්ගයෙනි. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් ජූනි මාසයේදී 9854 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අභාවය වෙනුවෙන් මෙරට ජපාන තානාපති කාර්යාලයට පැමිණ අද (12දා) සටහනක් තබා ශෝකය පළ කළේය.

Read More

තිරිගු පිටි මිල ඉහළ යාම නිසා පාන් ගෙඩියක (ග්‍රෑම් 450) මිල අද(12දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

Read More

කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ තවත් ශ්‍රි ලාංකිකයින් 110 දෙනෙකු අද දින (12දා) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව යන 724 වන කණ්ඩායමයි.

Read More

රට තුළ දැනට පවතින ඉන්ධන සපයා ගැනීමේ සීමාවන් හේතුවෙන් තම කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීම පිළිබඳව මතුව ඇති ගැටලු කාරී තත්ත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා දිනවල වසා තැබීමට තිරණය කර තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට අයත් පෞද්ගලික නිවසක රැඳී සිටින බවට ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනීයකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිවරයා යැයි පවසන හිටපු පොලිස් නිලධාරියකු සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති හඬපටයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කොට්ටාව බස් නැවතුම්පළ භූමියේ ගෑස් පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද (12දා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි .

Read More

ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කොට තිබූ සත්‍යග්‍රහයක් අද (12දා) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දී පැවැත්විණි .

Read More

අරලිය ගහ මැදුරේ මාධ්‍ය ඒකකයේ තිබූ භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු සටහන් ( log entry) නොමැති වීමෙන් පරීක්ෂණ වලට දැඩි බාධාවක් වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Read More

කොළඹ, කොල්ලුපිටිය අරලියගහ මන්දිරය තුළදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දස දෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් කොළඹට අද (12දා) ළඟාවූ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

Read More

කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ අලුත් හෙට්ටිවීදිය හින්නි අප්පුහාමි හන්දියේ දී යතුරුපැදියකින් යමින් සිටිය අඹුසැමි යුවළකට සිදුකළ වෙඩි තැබීමකින් සැමියා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය

Read More

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල යන මහත්වරුන්ට රටින් පිට වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

Read More

කුඩු සහ ජලය කලවම් කොට පෙට්‍රල් බව පවසා ලීටර් පහක් රුපියල් 5000 ක මුදලකට අලෙවි කිරීමේ චෝදනාවකට පුද්ගලයෙකු සැකපිට 12 දින දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12දා) අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ, කටුනායක ගුවන් තොටුපළ තුළ සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ විරෝධතාවක් නිසා සිය ගුවන් ගමන අතහැර ආපසු ගොස් තිබේ.

Read More

ජුලි 09 දා කොළඹ පැවැති විරෝධයට මුලින් පැමිණි තරුණයන් සොයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි යනුවෙන් පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.

Read More

ඒ් අනුව ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයෙකු නොවන දක්ෂ ජාතික මට්ටමේ නායකයෙකු හෝ ඔහුගේ නිල කාලය තුළ දේශපාලන වශයෙන් අපක්ෂපාතීව සිටීමට ඉඩ ඇති පක්ෂ නායකයෙකු මේ අනුව ජනපති ධුරයට සුදුසු යැයි චම්පික රණවක මහතා සඳහන් කරයි.

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව යෝජනා ස්තීර කර ගත්තේය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකාවේ රැදී සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය. ඉන්දියාවේ ANI පුවත් සේවය සමග දුරකතනය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ. ජනපතිවරයා රටින් පිටව ගොස ඇති බවට තමන් බී.බී.සි. පුවත් සේවය සමග සඳහන් කළ දෙය අත්වැරදිමක් බවද ඔහු ප්‍රකාශ කළේය.

Read More

ජූලි 15 වන සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවා ඉන්පසු 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව 19 වන අඟහරුවාදා නාම යෝජනා කැඳවීම හා 20 වන බදාදා පවතින නීති ප්‍රතිපාදන අනුව ඡන්දයක් පවත්වා අභිනව ජනාධිපතිවරයා තෝරාපත් කර ගත යුතු බවට අද පැවැති පක්ෂ නායක රැස්වීමේ තිරණය වූ බව කථානයාක මහන්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

’’මේ අවස්ථාවේදී ජනපතිවරයා රටින් පිටවී ආසන්න රටක රැදී සිටිනවා. බදාදා වන විට ඔහු ලංකාවේ සිටීවි. ඔහු 13 දා ඉල්ලා අස්වෙන බව මට කිව්වා.’’

Read More

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 39කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ් අනුව තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස නිමාවට පත්විය.

Read More

අරලිය ගහ මන්දිරය, ජනපති ලේකම් කාර්යාලය, ජනපති මන්දිරය මේ හැම එකේම තිබුණ වටිනා ලිපි ලේඛණ දැන් විනාශ කරලා තියෙන්නේ. ආණ්ඩුවක් වැඩ කරන්න ඕන නීතිය අනුව. අපි ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරන්න ඕන. ව්‍යවස්ථාවෙන් පිට අපි ක්‍රියා කරන්න යන්නේ නෑ.

Read More

යූරියා පොහොර බෙදාහැරීම් කටයුතු හෙට (12දා) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

තම නිවස ගිනි තබන අවස්ථාවේදී තමන් එම නිවසේ රැදී සිටිය බවත් තමන්ට පැවැති එකම නිවස ගිනි තැබූ නිවස බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.එසේම ගෙවල් නැති කිරීමට හැකිවන්නේ හිට්ලර්වාදී ජනතාවට බවත් ඔහු පැවැසිය.

Read More

මූලික පියවර වලට අවුරුද්දක් යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වේ අවුරුදු 4ක්වත් යයි කියලා. අපිට අමාරුම අවුරුද්ද මේකයි. මම අගමැතිවුණාමත් ඉන්ධන පෝලිම් වැඩිවුණා. මේ මාස කිහිපයේදී ගැටලු වැඩිවෙනවා. මිනිස්සු විදින දුක මම දන්නවා. ඒ්කට මම සමාව ඉල්ලත් තියෙනවා. කොහොම වුණත් අපිට ඒකතු වෙලා තමයි ඉදිරියට යන්න වෙන්නේ.

Read More

මුදල් හා අත්තිකාරම් ගෙවීම් කළ ඩීසල්, පෙට්‍රල් නැව් පැමිණෙන දින වකවානු පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර තිබේ.

Read More

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත හෙට (12) පෙරවරු 10.00 ට කැඳවීමට නියමිතව තිබූ නමුත්, රටේ පවතින ‍දේශපාලන තත්ත්වය හේතුකොටගෙන උක්ත රැස්වීම නොපැවැත්වීමට තීරණය කළ බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය.

Read More

රුසියානු ආක්‍රමණයේ බලපෑම සෑම තැනකම ක්‍රියාත්මක වන බවත්, එය ශ්‍රී ලංකාවේ තත්ත්වයට හේතු වන්නට ඇති බවත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසයි.

Read More

පුස්සැල්ලැව පොලිස් වසමට අයත් ප්‍රෙට්රාසි වතුයායේ සිට පුස්සැල්ලාව නගරය දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් අනතුරට පත්විමෙන් බස් රථයේ පාපුවරුවේ ගමන් ගත් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වි බස් රථයේ ගමන් ගත් තවත් 08 දෙනෙකු තුවාල ලබා පුස්සැල්ලාව රෝහල වෙත ඇතුලත් කර ඇති බව පුස්සැල්ලාව පොලිසිය පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.