නාඩු වී කිලෝවක් රු. 120ක්, සම්බා වි කිලෝවක් රුපියල් 125ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130ක් වන සහිතක මිලක් යටතේ හෙට (17දා) වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එසේම මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම වෙනුවෙන් මේ වන විට රුපියල් මිලියන 2000ක් වෙන්කර ඇති බවද ඔහු පැවැසිය.
වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති හෙයින් මේ වන විට ඇතැම් ප්‍ර දේශවල වී කිලෝවක මිල රුපියල් 90ක් වැනි මිලක් දක්වා පහළ බැස ඇති බවත් ඔහු සඳහන් කළේය.