තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන නියෝගයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්රේසර් මහත්මිය ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් තමන් සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කළ බවත් එම තීරණය කිසිඳු සාධාරණ පදනමක් නොමැතිව ගනු ලැබූ තීරණයක් යැයි සඳහන් කරමින් එම තීරණය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
ගෝඨාගෝගම අරගලයට සහාය දුන් බවට සඳහන් කරමින් මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රටින් පිටවීම වෙනුවේන ඊයේ (15දා) තෙක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කාලය ලබා දී තිබුණි.