නුදුරු අනාගතයේ දී රියදුරු බලපත්‍රය සහ වාහන මාරු කිරීම් ඇතුළු සියලුම ගාස්තු සංශෝධනය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනුමැතිය ඉල්ලා ඇතැයි ‘ඩේලි මිරර්’ සඳහන් කරයි.
ඒ් අනුව දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් සඳහා ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍යවරයාගේ අනුමැතිය පසුගියදා ලැබී ඇති අතර, එය නුදුරේදීම ගැසට් කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය පවසයි.
විදේශ රැකියා සඳහා රියදුරු බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරීමේ ප්‍රවණතාව වර්ධනය වෙමින් පැවැතීමත් මේ සඳහා හේතුවක් වී තිබේ.
රියදුරු බලපත්‍ර කොමසාරිස් (වේරහැර ප්‍රධාන කාර්යාලය) වසන්ත එන්.ආරියරත්න ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ 2009 වසරේ අවසන් සංශෝධන සිදු කර වසර 13කට පසුව මෙම ගාස්තු සංශෝධන සිදුකරන බවයි.
ඒ සඳහා අලුතින් පත් වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අනුමැතිය ලැබී ඇති බවත් එම සංශෝධන මහා භාණ්ඩාගාරයට යවා ඇති බවත් ඔහු පැවසීය.
“අනෙකුත් බොහෝ රජයේ දෙපාර්තමේන්තු විසින් පිරිනමනු ලබන සේවාවන් සඳහා වන ගාස්තු හා සසඳන විට, අපගේ සේවාවන් සඳහා වන ගාස්තු නව රියදුරු බලපත්‍රයක් සඳහා රු. 1, 700 ක් වැනි ඉතා අඩු වන අතර රියදුරු බලපත්‍ර අලුත් නොකිරීම සඳහා වසරකට අයකරන දඩය රු. 250 ක් පමණයි.” කොමසාරිස්වරයා පැවසීය.