saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5524 hours ago

LATEST

එක රටක් එක නීතියක් හදන එක ලේසියි

calendar_today 2022 අප්‍රේ 10 - 22:20 remove_red_eye - 1240  

වර්තමානයේ ආගම්, පක්ෂ, පාඨ භේදයකින් තොරව සියලු ජනතාව එකට එක්වී සිටින බව සඳහන් කරන බැවින් එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම පහසු බව එක රටක් එක නීතියක් සඳහා වන ජානාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසීහ.

ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ ඉහළම ආරක්ෂක උපදේශක පවසන්නේ රුසියාව දුර්වල කිරීමට උදව් කිරීමට එක්සත් ජනපදය කියෙව්ට අවශ්‍ය සියල්ල ලබාදෙන බවයි.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය හේතුවෙන් එළැඹෙන 13 හා 14 දා සුරාසැල් වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ඉදිරි වසර පහ සඳහා සිය නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලත් ඡන්දදායකයින් මිලියන 48.8ක් ඉරිදා ප්‍රංශය පුරා ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කළහ.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 05ක් ඇතුළත් අවුරුදු සහන මල්ලක් රුපියල් 1,950කට ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයාට නිකුත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම සහන මල්ලට නාඩු සහල් කිලෝ 05ක්, සම්බා සහල් කිලෝ 05ක්, හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400ක්, දුඹුරු සීනි කිලෝ 01ක් හා තේ කොළ ග්‍රෑම් 100ක් අන්තර්ගත වේ.

Read More

ඉන්දීය ඔයිල් සමාගමෙන් විදුලිබල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික් ටොන් 6,000ක් ලබා ගැනීමේදී රුපියල් කෝටි 57ක පාඩුවක් සිදුව තිබියදී තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 12,000ක් ඉන්දීය තෙල් සමාගමෙන් මිලදී ගැනීමට සැලසුම්කර තිබෙන බව ඉන්ධන, විදුලි, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබව විශ්වාසභංග යෝජනාවට සහ ජනාධිතිවරයාට ගෙනු එනු ලබව දෝෂාභියෝගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 113ට වැඩි ප්‍රමාණයකගේ අත්සන් ලබා ගත හැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

උත්සව සමයේදී මගී ප්‍රවාහනය සඳහා අමතර බස්රථ 700ක් පමණ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව එම බස්රථ කොළඹ සිට දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත මේ වනවිට යොදවා ඇත.

Read More

අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දේ දුන්නේ රට හදන්න. ඒකට ද්විත්ව පුරවැසියන් ඇවිල්ලා රටේ වගකිවයුතු අමාත්‍යධුරය අරගෙන රටේ ආර්ථිකය විනාශ කරනවානම් මිනිස්සු දුක් විදිනවානම් ඒකට සහාය දෙන්නේ නෑ. අපි කොයි වෙලාවෙත් ශ්‍රී ලාංකේය ජාතිය සමගයි. මේ වෙලාවේ එක එක්කෙනාට ඇඟිලි දිගු කරනවාට වඩා අපි එක් ජාතියක් ලෙස එක්විය යුතුයි

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අටක් වෙත නායයෑමේ අවධානම් නිකුත් කර තිබේ. මේ අනුව බදුල්ල, කලුතර, කොළඹ, නුවර, කෑගල්ල, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල යන දිස්ත්‍රික්වල ප්‍රා දේශීය ලේකම් කාර්යාල කිහිපයක් වෙත මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

Read More

පසුගිය අවුරුදු ගාණ තිස්සේම මම ප්‍රකාශ කළා රට බංකොලොත් වෙන්න ආසන්නයි ඒ නිසා ඩොලර් පරිහරණය ඉතාමත් පරිස්සමෙන් කරන්න කියලා. නමුත් කනකට ගන්නේ නැතිව වියදම් කරලා කරලා අද විනාශ මුඛයට පරිවර්තනය වෙලා තියෙන්නේ. තව සුමාන තුන හතරකින්, මාස දෙක තුනකින් රට බංකොලොත් රටක් කියලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රකාශ කරන්න සිද්ධවෙනවා.හෙට කවුරු ආවත් මේ තත්ත්වයට පත්වෙනවා.

Read More

උත්සවය සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ජනතාව වෙනුවෙන් රුපියල් 5000ක වියළි ආහාර මලු 10000ක් ලබාදීමට චීනය කටයුතු කර තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු කැබිනට් අමාත්‍යවරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් තවත් පැයකින් පමණ ආරම්භ වීමට නියමිතව තිබේ.

Read More

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමට අයත් අම්බාල්කුලම් වැවේ මිනුම් කටයුත්තක් සිදුකරමින් සිටියදී ඔරුවක් පෙරලී යාම හේතුවෙන් දියේ ගිලෙමින් සිටි තිදෙනෙකු යුද හමුදා සාමාජිකයින් පිරිසක් විසින් දැඩි පරිශ්‍රමයක් දරා බේරාගත් සිදුවීමක් වාර්තා වෙයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට සහය පළකරමින් තංගල්ල නගරයේදී අද (10දා) උද්ඝෝෂණයක් පැවැත්විණි.

Read More

ජනපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැති විරෝධතාවට එක්වූ ජනප්‍රිය නිළි සංජීවනී වීරසිංහ මහත්මියට විරෝධතාකරුවන්ගෙන් දැඩි බාධා එල්ලවිය.

Read More

ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

රොයිටර් - ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාස හය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක පමණ මුදලක් අවශ්‍ය බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා රොයිටර්ස් පුවත්සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.

Read More

විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ පවසා ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.

Read More

2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරයට යුක්තිය අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.

Read More

ආණ්ඩු පක්ෂයේ සිටිමින් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

දින 10 ක් පුරා ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හලට ඩිසල් ලබා නොදිමට විරෝධය දක්වා වාහන හිමිකරුවන් පිරිසක් අද (10දා) උදෑසන සිට මාර්ගය වාහන යොදා හරස් කිරීමේන් ගමනා ගමනය එම ස්ථානයෙන් සම්පුර්ණයෙන් නැවතී ඇති බව ආණමඩුව පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ බාහිර ණය තිරසරභාවය හා කළමණාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය උපදේශකයන් හා නීති උපදේශකයන් පත්කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා සඳහා ඉල්ලීම් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පෙරවරු 10.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 10.00 තෙක් වලංගු වෙයි.

Read More

හෝමාගම දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 2022 ශත සංවත්සර සැමරුම් ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රි ලංකා වාර්තාවක් පිහිටුවීමට ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ඊයේ ( 09දා) සමත් විය.

Read More

දිවයින පුරා පවතින දැඩි වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ අනුව ජල විදුලිය නිශ්පාදනය සඳහා එය සුබ ලකුණක් බවට පත්ව තිබේ. පසුගිය කාලයේදී ජලාශවල ජල මට්ටම් සීඝ්‍ර ලෙස පහළ වැටීම හේතුවෙන් ජල විදුලිය නිශ්පාදනයට බාධා ඇතිවිය.

Read More

වත්මන් ආණ්ඩුවට හා ජනපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකවේ මේ වන විට ආරම්භ කර ඇති විරෝධතා සඳහා ලෝකයේ වෙනත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද සහාය දක්වමින් සිටියි.

Read More

ජනපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් ජනතාව විසින් ඊයේ ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අද පෙරවරුවේ කොළඹ නගරයට දැඩි වර්ෂාවක් පතිත වුවත් තවමත් විරෝධතාකරුවන්ගෙන් පිරිසක් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් සිටියි.

Read More

විශ්වාසභංගයට පක්ෂව මන්ත්‍රීවරුන් 342කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 174ක් ලබා ගැනීමට විරුද්ධ පක්ෂවලට හැකි වූ බව කථානායකවරයා ප්‍රකාශ කළේ එය බහුතර ඡන්දයක් බවට පත් කරමිනි.

Read More

ජනාධිපති නිකොලස් මදුරෝ, බටහිර විසින් මොස්කව් සමග විශාල යුද්ධයක් ආරම්භ කිරීමට දරන උත්සාහයන් හෙළා දැක තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.