සුදු හා රතු බිත්තර අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 43ක මිලකටත්, රතු බිත්තරයක් රුපියල් 45ක මිලකටත් අලෙවි කළ යුතු බව එම නිවේදනයේ දැක්වෙයි.
කිසිම නිෂ්පාදකයෙකු. සාදන්නෙකු, සැපයුම්කරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වෙලෙන්දෙකු එම මිලට වඩා බිත්තර වෙළඳාම් කිරීම, සැපයීම. වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්රදර්ශනය කිරීම මේ අනුව තහනම් බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.