හැටන් අනවසර වෙළඳසැල් ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
හැටන් නගරයේ නගර සංවර්ධන සැලැස්ම ක්රියාත්මක කිරිම සදහා හැටන් නගරයේ අනවසර ඉදි කිරිම්, පදික වේදිකාව ඉවත් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් (19) දින පියවර ගැනිණ.
අනවසර ඉදි කිරිම් සහ පදික වේදිකාව ඉවත් කරන බවට නගර සභාව විසින් මිට සතියකට ප්රථම අනවසර වෙළදුන්ට දැනුම් දීම් කර, එම දැනුම්දීම් අනුව ඉවත් නොවු හැටන් පොළ භූමිය, හැටන් ශක්ති ශාලාව සහ නගරයේ පදික වෙළදුන් ඉවත් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් පියවර ගැනීමත් සමග අනවසර වෙළදුන් සහ නිළධාරින් අතර උණුසුම් තත්වයක් ඇති විය.
අනවරස වෙළදුන් කිහිප දෙනෙකු හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ මල්ලිඅප්පු ප්රදේශයේ පිහිටි ගරාජය අනවසර ඉදි කිරිමක් බවත්, එම අනවසර ඉදි කිරිමද කඩා ඉවත් කරන ලෙසට බල කරමින් එම ගරාජය ඉදිරිපිට විරෝධතාවයක නියැලෙද්දී හැටන් මූලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී.සුගතදාස මහතා එම ස්ථානයට ගොස් විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර එම පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගත්හ.
කාලයක් තිස්සේ අනවසර වෙළදාමේ නිරත පුද්ගලයන් කියා සිටියේ, තමන්ට වෙළදාම් කිරිමට වෙනත් ස්ථානයක් ලබා දි තම අනවසර ඉදි කිරිම් ඉවත් කිරිමට නගර සභාව කටයුතු කල යුතු බවයි.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
