ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට ගිය ශ්රී ලංකා පොදුජන පෙරමණේ මන්ත්රීවරුන් 13 දෙනා අතුරු අයවැය ඡන්දයේදී ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළේ අය වැය විවාදයේදි අදහස් දැක්වීමට තම කණ්ඩායමට කිසිදු ඉඩක් ලබා නොදීමට විරෝධය ප්රකාශ කිරීම සඳහා බව පාර් ලිමේන්තු මන්ත්රී ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් 13 දෙනා එක්ව පිහිටුවන ලද නිදහස් ජාතික සභාවේ ප්රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජී.එල්. පීරිස් මහතා මේ බව පැවැසීය.