ශ්‍රී ලංකාවට අවුරුදු දෙකක් තුළ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකතාව ලැබීමත් සමග පැරිස් සමාජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය සහන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒසේම කාලෝචිත පරිදි අවශ්‍ය මූල්‍ය රක්ෂණ සැපයීම සහ අවශ්‍ය මූල්‍ය සහතික කිරීම් නියමිත වේලාවට ලබා දීම සඳහා පැරිස් සමාජයේ නොවන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සම්බන්ධීකරණය කිරීමට කටයුතු කරන බවද ඒම සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.