සැප්තැම්බර් 03 දා සිට 05 දා තෙක් විදුලි කප්පාදුව සිදුකරන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂම නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම සති අන්තය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය. සඳුදා දිනයේදී විදුලි කප්පාදුව පැය දෙකක් සිදු කරයි. සති අන්තයේදී රාත්රී කාලයේදී විදුලි කප්පාදුව සිදු කරන අතර සඳුදා දිනයේදී දිවා කාලයේදී පැයක් හා රාත්රී කාලයේදී පැයක් ලෙස විදුලි කප්පාදුව සිදුකරයි.