සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා ඉන්ධන අවශ්‍යතා, ඉන්ධන ගෙන්වා ගැනීමහ, තහවුරු කළ ඇණවුම් හා ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය මුදල් පිළිබඳව සාමාලෝචනයක් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මේ පිළිබඳ සාකච්ඡාව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වාණිජ හා මූල්‍ය කළමනාකාරීත්වය සමඟ අද උදෑසන පැවැත්වූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි. එසේම ඉදිරි මාස දෙක සඳහා අවශ්‍ය බොරතෙල් සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.