අවුරුදු 12ක් පුරා සිදුකරන ලද පරීක්ෂණයක ප්රථිඵලයක් ලෙස Ld 376 නමින් නව වී වර් ගයක් හඳුන්වා දීමට ගාල්ල ලබුදුව වී පර් යේෂණ ආයතනය සමත් වී ඇත. පසුගියදා පැවති ගාල්ල දිස්ත්රික් කෘෂිකර්ම කමිටුවට එක්වෙමින් ලබුදූව පර් යේෂණ ආයතනයේ පර් යේෂණ නිලධාරී මොනිකා මිල්ලවිතානාච්චි මහත්මිය බව අනාවරණය කළාය.
මාස 31/2 කින් පමණ අස්වැන්න නෙළා ගැනීමට හැකි මේ නව සුදු කැකුළු ප්රභේදය ලංකාවේ ඕනෑම දිස්ත්රික්කයක වගා කළ හැකි ඉහළ අස්වැන්නක් සහිත ප්ර භේදයකි.
ප්රධාන කෘමි පලිබෝධ සහ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව සහිතය. මේ සම්බන්දව වැඩිදුරටත් අදහස් දක්වමින් මොනිකා මහත්මිය සඳහන් කර සිටියේ නව වී ප්රභේදයෙන් ලබා ගන්නා සහල් පිටි 30%ක අනුපාතයෙන් බේකරි කර් මාන්තය සඳහාද යොදාගත හැකි බවයි.
ඉහල අස්වනු සහිත රතු සම්බා සහල් විශේෂයක් ද ඉදිරියේදී ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් හඳුන්වා දීමට නියමිත බවත් එය 2024 වර්ෂයේදී පමණ නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය තවදුරටත් පැවසුවාය.
එසේම ගංවතුරට සහ ලවනතාවයට ඔරොත්තු දෙන නව වී ප්රභේදයක් සම්බන්දව පර්යේෂණ කටයුතු අවසන් වෙමින් පවතින බවද මොනිකා මහත්මිය පැවසුවාය. එය Ld 52B7 ලෙස නම්කර ඇති අතර ඉදිරියේදී නිර්දේශ කිරීමට නියමිතව ඇත.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට
