saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5331 hours ago

LATEST

දකුණු කොරියාව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

calendar_today 2022 මැයි 26 - 07:00 remove_red_eye - 240  

උද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් ලොවපුරා මහ බැංකු විසින් සිදුකරනු ලබන ක්‍රියාවලිය අනුගමනය කරමින් දකුණු කොරියානු මහ බැංකුව මෙම පියවර ගෙන තිබේ.

ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළව විදෙස් ගමන් තහනම් කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් තවමත් සිය ගමන් බලපත්‍ර අධිකරණයට භාර දි නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය පැවැසුවාය.්‍

Read More

සැල්වදෝර් රමෝස් ලෙස හඳුනාගෙන ඇති ප්‍රාදේශීය උසස් පාසල් සිසුවෙකු වන තුවක්කුකරු ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර ඔහුගේ සැලැස්ම ෆේස්බුක් හි බෙදාගෙන තිබේ.

Read More

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉවත්වීම සදාකාලික ඉවත්වීමක් නොවිය හැකි බවත්, එසේම ඒ මහතාගේ සේවය වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සමගින් නැවත ලබාගැනීමට හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. හේරත් මහතා ප්‍රකාශ කළේය.

Read More

එංගලන්තයෙන් තවත් මන්කිපොක්ස් රෝගීන් 7ක් සොයා ගැනීමත් සමග එක්සත් රාජධානියේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නව මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු බිල්ල වනුයේ 2015 ආණ්ඩුවේ මහ බැංකු බැඳුම්කර වංචාවට විරුද්ධව කටයුතු කළ වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද යන ප්‍රශ්නය තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

Twitter හි බේරුම්කරණය අධිකරණ ලේඛනවලට අනුව 2013 මැයි සහ 2019 සැප්තැම්බර් අතර පරිශීලක දත්තවල ’’ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය’’ වැරදි ලෙස නිරූපණය කළ බවට වන චෝදනා ආවරණය කරයි.

Read More

ඉන්දීය ණය ක්‍රමයක් යටතේ මීට මාස ගණනකට පෙර ශ්‍රී ලංකාවට ආනනය කළ දුම්රිය මැදිරි කිහිපයක් මේ වන විට කොළඹ වරායේ නවත්වා තිබේ. මේ දක්වා අඩුම තරමින් එම දුම්රිය මැදිරි දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවනාගාර වෙතවත් රැගෙන විත් නොමැත.

Read More

ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකිය.

Read More

ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම හෙට (26දා) දිනයේ ද සිදු නොකරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම අද (25දා) සඳහන් කරයි.

Read More

රාජයේ සේවකයන් සීමිත ප්‍රමාණයක් කාර්යාල වෙත කැඳවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මෙම චක්‍ර ලේඛය නිකුත් කර ඇත. පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරමින්ට මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

Read More

’’මයිනා ගෝ ගම’’ සහ ’’ගෝටා ගෝ ගම’’ යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජුනි මස 01 වන දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

Read More

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුස්ලිම් ජාතික සන්ධානයේ අලි සබ්‍රි රහිම් හා පොදුජන පෙරමුණේ චින්තක අමල් මායාදුන්න මහත්වරුන්ගේ නිවාස ගිනි තැබිම හා පහර දී විනාශ කිරීම සම්බන්ධව සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය අද (25දා) පවසයි.

Read More

ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25දා) ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිලධාරීන් සමග සාකච්ඡාවක් දුම්රිය දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා මෙම මස 30වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය ඊයේ (25දා) නියෝග කළාය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙතින් ගුවන් යානා සදහා ඉන්ධන ලබා ගැනීමේදී සිදු විය හැකි ගැටළු අවම කර ගැනීම සදහා විකල්ප විසදුමක් ලෙස ඉන්දියාවේ චෙන්නායි , ඩුබායි සහ සිංගප්පූරුව වැනි ගුවන් තොටුපළ යොමු කිරීමට ගුවන් සේවා සමාගම් යොමු වෙමින් පවතින තත්වයක් උදා වෙමින් පවතින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

Read More

විවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල රැකියා පුරප්පාඩු රැසක් පවතී. එම අවස්ථා ඉලක්ක කරගනිමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

Read More

මේ අනුව රිජ්වේ ආර්යා රෝහල වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනක මුදලක් හා අපේක්ෂා රෝහලට තවත් ඩොලර් මිලියනයක් මේ අනුව ලබාදීමට නියමිතය.

Read More

රන්ටැබේ ජාතික ශිෂ්‍යභට බාලකා පුහුණු කදවුරේ පැවති නායකත්ව කුසලතා සංවර්ධන කදවුරට සහභාගිවී පුහුණුව නිමා කළ පාසල් ශිෂ්‍යභට බාලක බාලිකාවියන්ගේ විසිරයෑමේ උත්සවය අද (25දා) පැවැත්විණි.

Read More

මාර්තු 1 වැනි දින ලෝක මුහුදු තෘණ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය අනුග්‍රහය ලබා දුන් A/76/L.56 නමැති යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2022 මැයි 23 වැනි දින සම්මත කරන ලදි. මෙම යෝජනාව පොදු එකඟතාවකින් සම්මත වූ අතර, රටවල් 24 ක් ඒ සඳහා සම අනුග්‍රහය දැක්වී ය.

Read More

ඉන්ධන විවිධ ආකාරයෙන් රැස්කරමින් වැඩි මිලට අලෙවි කිරීම ආදී ජාවාරම් සිදු කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 429 ක් පසුගිය කාලය තුල සිදු කර ඇති අතර, එහි දී සැකකරුවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය .

Read More

2020 වසරේ මාර්තු මාසයේදී පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සීඝ්‍ර මූල්‍ය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා පවත්වා ඇති බවත් එම ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රතික්ෂේප කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Read More

“අපට රුපියල් ආදායම නෑ. දැන් අපට තවත් රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරීමට සිදුවෙනවා ” යැයි වික්‍රමසිංහ මහතා පැවසුවේ, ඉදිරි මාසවලදී වාර්ෂික උද්ධමනය 40% ඉක්මවා යා හැකි බවට අනතුරු අඟවමිනි.

Read More

මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ඉන්දියාවට එනු ලබන සාමාන්‍ය වැසියන් වැලක්වීමටත් පැමිණී ජනතාවට සරණාගතභාවය ලබාදීම අඩුකිරීමටත් එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

Read More

පාස්කු දින එල්ල බෝම්බ ප්‍රහාර මාලාවේ මරාගෙන මැරෙනු ත්‍රස්තවාදීන් දෙදෙනෙක්ගේ පියා මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ මොහොමඩ් ඊබ්‍රහීම්ට ඇප ලබාදිමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Read More

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ පසුගිය 20දා හා 21දා දෙදින මන්නාරම් වෙරළ තීරය සහ ආරුගම්බේ කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.

Read More

සති හයක් ඇතුළත අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වසර දෙකක සහන වැඩසටනහක් වෙනුවෙන් යටිතල පහසුකම් ව්‍යාපෘති කප්පාදු කරමින් මෙම අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

උතුරු මැද පලාතට අයත් ගල්කිරියාගම කිරළව මහවැලි රක්ෂිතයේ විශාල කොටසක් යම්කිසි පිරිසක් යන්ත්‍ර සූත්‍ර දමා හෙළි පෙහෙළි කරමින් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

මැයි 09 දා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවිම් සම්බන්ධයෙන් පොලීසිය කරන විමර්ශනවලට අදාළව සැකකරුවන් 1808ක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිඹුලාගල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් මනම්පිටිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු විසින් පාළු ගබඩාවක සහ සමිතියට අයත් ලොරි රථයක සඟවා ගනිමින් වැඩි මිලට විකිණීම සඳහා තබාගත් ඩීසල් ලීටර් 2000ට ආසන්න ප්‍රමාණයක් ප්‍රදේශ‍යේ ගොවීන්ට අද (25දා) ලබාදීමට කටයුතු කළබව මනම්පිටිය පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.