ආදායම වියදම ඇතුළු රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ නිවැරදී තොරතුරු ඍජු ලෙස ලබා ගනිමින් එම මූල්‍ය කටයුතු අධීක්ෂණය සදහා වෙනම අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවීමට ඉදිරියේදී පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඊයේ (15) පැවසීය.
සැප්තැම්බර් 15 වැනිදාට යෙදුණු ප්රජාතන්ත්රවාදය පිළිබද ජාත්‍යන්තර දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය එක්ව ජාතික ප්රජාතන්ත්රවාදී ආයතනයේ (National Democratic Institute /NDI ) අනුග්‍රහය මත සංවිධානය කළ විශේෂ මහජන සේවා වැඩසටහනකදී ඒ මහතා මේ බව පවසා සිටියේය.
“ප්රජාතන්ත්රවාදය සහ තරුණ ප්‍රජාවගේ භූමිකාව” යන මැයින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සදහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරන තරුණ සමාජ ක්‍රියාකාරීහූ පිරිසක් එක්ව සිටියහ.
ලොව දියුණු ප්‍රජාතාන්ත්‍රික රටවල මෙන්, ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව, බැංකු සහ මූල්‍ය කටයුතු පිළිබද කාරක සභාව, ආර්ථික ස්ථායිකරණය පිළිබද කාරක සභාව නමින් නව කාරක සභා කිහිපයක් අලුතින් පිහිටුවීම ඇතුළු පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීම සදහා ගනු ලබන පියවරයන් පිළිබදව ද මහලේකම්වරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.