රැජිනගේ අවමඟුලට එක්වීමට ජනපති සමග 8ක් එංගලන්තයට යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත වී සිටින එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
ජනාධිපතිවරයා සමග තවත් රාජතාන්ත්‍රික නිලධාරීන් 08 දෙනෙකු ද දූත පිරිස ලෙස සහභාගී වීම සදහා පිටත්ව ගොස් තිබේ.
මෙම පිරිස අලුයම 03.33 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.
ඉන් අනතුරුව මොවුන් එතැන් සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතය.මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රථම නිල විදේශ සංචාරයයි .
popular news
-
Kumar Saturday, 17 September 2022 02:18 PM
sira sitiyanam guwanyanaya pirenne naadaayo argenyayai.
Reply : 0 0
Demuni Uduwara Sunday, 18 September 2022 04:01 AM
Ranil Wickramasinghe should reimburse the traveling and subsistence incurred in this trip for all of them participated as he has no ethical rights to represent Sri Lanka for any country. He is not a people-voted President.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

