ඩිජිටල් කරණය තුලින් ඇතිවන අහිතකර බලපෑම් නියාමනය කිරීම සඳහා දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටුවීම 2023 වසරේ දී සිදුකෙරෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කරයි.
ඩිජිටල් කරණයේ අහිතකර බලපෑම් වලින් පුරවැසියා ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියමාර්ග ගැනීම සඳහා මෙම දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමේ අරමුණ වී තිබේ.
මේ අතර රාජ්‍ය ආයතන10 ක, සයිබර් ආරක්ෂණ කටයුතු වැඩිදියුණු කිරීමටද පියවර ගෙන ඇතිබව ද කනක හේරත් මහතා පෙන්වා දෙයි.
රටේ ජාතික ආරක්ෂාව, මහජන සුබ සිද්ධිය, ආර්ථිකය සහ සෞඛ්‍ය යන අංශ කෙරෙහි බලපාන තීරණාත්මක ජාතික තාක්ෂණ තොරතුරු පද්ධති 124 ක් පවත්වා හෙන යනු ලබන ආයතන 43 ක් හඳුනා ගෙන තිබේ.
මෙම පද්ධති සයිබර් ප්‍රහාර වලින් වලක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කෙරේ. මෙහි මූලික පියවර ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන 10 ක සයිබර් ආරක්ෂණ කටයුතු වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවැසීය.
සයිබර් ආරක්ෂණය පිළිබදව රාජ්‍ය නිලධාරීන් 10,000 දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති අතර මේ යටතේ දැනට රාජ්‍ය නිලධාරීන් 1,700 ක් පමණ පුහුණු කර ඇත.