තැලිසීමියා රෝගීන්ට ජීවිතකාලයටම අවශ්‍ය ඖෂධ පාකිස්තානයෙන් නොමිලයේ
පාකිස්තානයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන Highnoon Laboratories ආයතනය විසින් ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්ට ජීවිත කාලයටම අවශ්‍යවන තැලසීමියා ඖෂධ (Feripro Capsuales) පරිත්‍යාග කිරීමේ පළමු අදියර පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත මෙම ඖෂධ නිල වශයෙන් භාරදීම මෙහිදී සිදු විය.
ශ්‍රී ලංකාවේ පාකිසකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙය සිදු කෙරුණු අතර මෙලෙස මාස හයකට වරක් ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය අනුව නොමිලේ මෙම ඖෂධ මෙරට තැලසීමියා රෝගීන් සඳහා එම සමාගම විසින් ඉදිරියටත් ලබා දීමට සැළැසුම් කර තිබේ.
Highnoon සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය අදීල් අබ්බාස් (Dr. Adeel Abbas ) මෙහිදී ප්‍රකාශ කළේ පකිථානය හා ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා මෙවැනි වැඩපිළිවෙල උපකාරී වන බවත්, අසල්වැසි රටක් වන ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී මුහුණ දී ඇති අර්බුදයෙන් මිදීමට යම් පිටිවහලක් වීමට ලැබීම ඉතාම සතුටට කරුණක් බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
