යාල ගල්ආර ප්‍රේරණ කලාපයේ කැලය කිසියම් පිරිසක් කපා දැමීමේ සිද්ධියක් විමර්ශනයට කොළඹ සිට නිලධාරින් පිරිසක් පිටත් කර හැරීමට තීරණය කරයි.
යාල වනෝද්‍යානයට අයත් ගල්ආර ප්‍රේරණ කලාපය තුළ කිසියම් පුද්ගලයින් පිරිසක් වනාන්තරය හෙළි පෙහෙළි කිරීමේ සිදුවීමක් සම්බන්ධව වනජීවි හා වන සංරක්ෂණ අමාතයාංශයට වාර්තා වී තිබේ.
එම සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් කර වහාම තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට අද දින (27දා) පස්වරුවේ උපදෙස් දෙනු ලැබීය.
ඒ අනුව එම සිද්ධිය විමර්ශනය සඳහා වන ජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල නිලධාරින් පිරිසක් අද (28) පෙරවරුවේ කොළඹ සිට පිටත් කර හැරීමට තීරණය කළ බව ලේකම්වරිය ප්‍රකාශ කළාය.
මෙම සිද්ධියට කිසියම් නිලධාරියෙක් වගකිව යුතු නම් හෝ කිසියම් නිලධාරියෙක් තම රාජකාරිමය වගකීම පැහැර හැර ඇත්නම් එම නිලධාරියාට එරෙහිව තදින්ම විනයානුකූල පියවර ගන්නා බව චන්ද්‍රා හේරත් මහත්මිය පවසයි.