නාදුනන තුවක්කුකරුවකුගෙ වෙඩි පහරට ලක්ව බරපතල ලෙස අසාධ්‍යව සිටි කෙනෙර ඊයේ (27දා) සවස මරණයට පත්වු බව වනජීවි නිළධාරින් පවසයි.
මෙම කෙනෙර පසුගිය 20 දින අලුයම තබ්බෝව ප්‍රදේශයෙදී වෙඩි පහරකට ලක්ව පාවට්ටාමඩුව කුඹුර යායෙදී අසාධ්‍යව ඇද වැටි සිටියදී කරුවලගස්වැව වනජීවි නිළධාරින් වනජීවි පශු වෛද්‍යවරයා කැදවා ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබුනී.
කෙනෙර වෙඩි වැදිම සිදුවු දින සිට අවස්ථා පහකදි වයඹ වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා ඇතුළු කන්ඩායම විසින් කෙනෙරගෙ ජීවිතය බේරා ගැනිමට මහත් කැපවිමක නිරත විය.
ඒ සදහා කරුවලගස්වැව වනජීවි නිළධාරින් ඇතුළු පිරිසක් එක්ව තිබුනී.
කෙසේ වෙතත් හිසට වැදුන දරුණු වෙඩි පහරින් දැඩි ලෙස අසාධ්‍යව වැතිරි සිටි කෙනෙරගෙ විවිධ ඡායාරූප සමාජ මාධ්‍ය හා යුටිබ් වල ප්‍රචාරය කරමින් කෙනෙරට පලතුරු හා ඖෂධ ලබා දීමට බව පවසා දේශීය හා විදේශීයව සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් ලක්ෂ ගනනක මුදල් ගැරු කරුවලගස්වැව 9 කනුව හා 7 කනුව ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු පිළිබදව වනජීවි නිළධාරින් දැඩි විමසිල්ලෙන් ඇති බවත් ඒ සදහා සුදුසු නීතිමය කටයුතු සිදු කිරීමටද ඉදිරියෙදී කටයුතු කරන බව කියයි.
අදාල පුද්ගලයින් දෙදෙනා වනජීවි නිළධාරින් මෙම කෙනෙරට ප්‍රතිකාර නොකරන බවත් ඒ සමගම පලතුරු ලබා දෙන බවට ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය තුල දමා මෙසේ මුදල් ගරා ඇති බව වනජීවි පශු වෛද්‍ය ඒකකයෙ ප්‍රධාන අධ්යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා චෝදනා කරයි.
තාරක ප්‍රසාද් මහතා පවසා සිටියෙ අදාල ප්‍රදේශ භාර පශු වෛද්‍යවරයා ප්‍රතිකාර ලබා දෙමින් සිටින අවස්ථාවේ මෙසේ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය තුල පළ කරමින් දෙදෙනෙකු විසින් මුදල් ගරා ගැනිමේ ජාවාරමක් සිදු කර ඇති බවයි.
කෙනෙර ජීවිතය ඉල්ලා මෙසේ අයදිමින් සිටියදී මෙසේ මිනිස් කමටත් නිගා දෙන මිනිසුන් කිප දෙනෙකු සිදු කල පහත් ක්රීයාව පිළිබදව තමන් ඇතුළු සියලු වනජවි පශු වෛද්‍යවරුන් හා වනජීවි නිළධාරින් අප්‍රසාදය පලකරන බව පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසීය.
හිරාන් ප්‍රියංකර / ජයරත්න වික්‍රමආරච්චි
