ලබන මාස් කන්නයේ දී වගාවට අවශ්‍ය බඩ ඉරිඟු බීජ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පොලොන්නරුව කන්දකාඩු ගොවිපළේ අක්කර 100ක බීජ බඩඉරිඟු මේ වනවිට වගා කර තිබේ.
ජාතික ඉන්ධන බලපත්‍රය වෙනුවෙන් යළිත් ලියාපදිංචිවීමට අවස්ථාව ලැබී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
Read Moreපසුගිය මැයි 28 දා කොළඹ පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයකදී අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවක් යටතේ ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
Read Moreගාල්ල ජුල්ගහ ප්‍රදේශයේ පිහිටි හෝටලයක කෑම වර්ග ඉහළ පහළ රැගෙන යන විදුලි සෝපානයක් අලුත්වැඩියාකරමින් සිටි විදුලි කාර්මිකයෙකු එම සෝපානය කඩාවැටී හෝටලයේ සිව්වන මහළින් ඇදවැටිමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළපසු ඊයේ (07දා) මියගොස් තිබේ.
Read Moreහම්බන්තොට වරායට එළැඹෙන 11වැනි දා පැමිණීමට නියමිතව තිබූ චීනයේ යුවාන් වැන් 05 සන්නිවේදන නෞකාවට එදින පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රජය චීන තානාපති කාර්යාලය වෙත දැනුම්දී ඇති බවත්, එසේ දැනුම් දී ඇත්තේ එම සන්නිවේදන නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනිකුත් පහසුකම් ලබාගැනීම පිණිස හම්බන්තොට වරායට පැමිණීම පිණිස ලබාදී තිබූ අවසරය තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය අනුව බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreලංකා අයි.ඕ.සී. සමාගම සඳහා ශ්‍රී ලංකාව තුළ තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී තිබේ.
Read Moreඑම සතාගේ ජීවිතයට හානියක් සිදුවීම වළක්වා ගනිමින් බේරා ගැනීමට අවස්ථාව තිබිය දී වනජීවි නිලධාරින් ගස කපා බිම හෙළිම නිසා ඊට යට වී එම කඳුකර කොටියා මරණයට පත් වු බව මාධ්‍ය වාර්තා කර තිබිනි.
Read Moreඅපෙත් සමහර කියලා ගියා එපා කියද්දී, සමහර අයට මම වැන්දේ නැති ටික විතරයි යන්න එපා මේ පක්ෂය ශක්තිමත් කරගෙන ඉමු, හොඳ අනාගතයක් තියෙනවා මේ පක්ෂය ගොඩ නගපුවාම කියලා. අපෙත් 14න් 5ක් ඒ පැත්තට ගියා.
Read Moreනිවැරැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට විපක්ෂය රජයට සහය දෙන බවත්, ආර්ථික හා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජයට ස.ජ.බ යේ සහාය නිසැකවම ලබා දෙන බවත් තිරසාර භාවය සඳහා අතිශයින් වැදගත් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය දැනටමත් ජාත්‍යන්තර උපදේශකයන් පත් කර තිබීම හිතකර තත්ත්වයක් යැයි පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න මහතා ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තුව තුළින් ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනිම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට ඡන්දය ප්‍රකාශ කළ බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය අසත්‍යයක් බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා පවසයි.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගම් දෙකක 100කට අධික සේවක පිරිසක් සහාය දැක්වූ නමුත් මෙම අවස්ථාවේදී එම සමාගම් දෙකේ නම් හෙළිකිරීමට ඔවුන් අකමැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreචීනයේ විශාලතම පෙට්‍රෝ රසායනික සමාගම වන සිනොපෙක් ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසීමට ඉඩ ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
Read Moreසටන් විරාමයට පෙර දිනවලදී, ගුවන් ප්‍රහාර සහ රොකට් ප්‍රහාරවල වියරුවක් පැවති අතර, ප්‍රහාරවලට පෙර සහ පසුවද දකුණු ඊශ්‍රායලයේ සයිරන් හඬ නැංවිණි.
Read Moreඑංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයිය තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් දස දෙනෙකු මේ දක්වා අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඋද්ධමන පීඩනය ලිහිල් කිරීම සඳහා ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් විසින් පසුගිය මාසයේ එළිදක්වන ලද 2022 උද්ධමනය අඩු කිරීමේ පනත ඉරිදා එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් සම්මත කරන ලදී.
Read Moreපේරාදෙණිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල ප්‍රධාන පොලිස් පරික්ෂ යෙකුගේ ඇගිල්ල සහ මුහුණ සපා කෑ කාන්තාවක් සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More’’ජාතියක් ලෙස අපට ඇති අභියෝග සහ පරීක්‍ෂණ ඉල්ලා සිටින්නේ එකමුතුකමේ සහ මූලික සම්මුතියේ කාල පරිච්ඡේදයක්.’’ නව ජනපති කියයි.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ඒ ඒ වාහනය වෙනුවෙන් ඇති ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේදී ස්වයංක්‍රීයව යාවත්කාලින වන බවත් එය ලබන සතිය පුරාවටම ක්‍රියාත්මක බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreචීන යුද නැව් සහ ජෙට් යානා තායිවානය සමග නිල නොවන පාලන සීමාව තරණය කරමින් යුද අභ්‍යාසවල යෙදෙනු ඇති බව කියයි.
Read Moreදුම්රිය දෙපාර්තුමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත් කල යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreනව ක්‍රියාමාර්ග යටතේ දින 3ක හෝටල් නිරෝධායනය අවසන් කරන පුද්ගලයන් තවමත් දින හතරක් නිවසේ වෛද්‍ය නිරීක්ෂණ ගත කරනු ඇත.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යලිත් 09දා දින සිට ආරම්භ කරන බව දුම්රිය සමාන්‍යාධිකාරිවරයා අද (07දා) නාවලපිටිය දුම්රිය ස්ථානයේදි පැවති සාකච්ඡාවේදි පැවසිය.
Read Moreලබන එකොළොස්වැනි දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ චීනයේ යුවාන් වැන් 05 සන්නිවේදන නෞකාවට එදින පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රජය චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති බව වාර්තා වන්නේ යැයි හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.
Read Moreඅපි කියන්නේ පක්ෂ විපක්ෂ භේද නැතුව 225 ම ආණ්ඩුවේ කොටස්කරුවන් වෙන්න ඕන. විපක්ෂයක් ඕන නෑ. 225 ම ආණ්ඩුව වුනොත් රටට හොඳ වෙයි.
Read Moreදිවයිනේ විවිධ ප්‍රදේශවල මාස දෙකක් සිදුවූ වෙඩිතැබීම් වලින් පුද්ගලයන් 23 දෙනෙකු ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නීහාල් තල්දුව මහතා පැවසීය.
Read MoreMBSL සමාගමෙහි ආන්තින ණය දෙපාර්තමේන්තුව මගින් ආන්තික ණය (Margin Loan) ලබා ගනිමින් ලැයිස්තුගත සමාගම් තුළ මුදල් ආයෝජනය කර ඇති ආයෝජකයන් මේ වනවිට දැඩි අසාධාරණයකට සහ දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව එම ආයෝජකයෝ පවසති.
Read Moreකිසිදු ප්‍රයෝජනයක් නොගෙන බැහැර කරනු ලබන අලි වසුරු පිළිබඳව වසර පහක පමණ කාලයක් සිදු කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් ඉතාමත් තාත්වික ලෙස අලි ඇතුන්ගේ අනුරූ නිර්මාණය කිරීමට පල්ලේකැලේ පදිංචි මංජුල ප්‍රියංග ජයසුන්දර මහතා සමත්ව සිටී.
Read Moreනවගමුව පොලිසියේ සුළු පැමිණිලි අංශය තුළදී පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයෙක් රෝහල් ගත කිරීමේ දී මියගිය බව නවගමුව පොලිසිය කියයි.
Read More“ණය පියවීම” යන්නෙන් පෙර අවස්ථාවන්හිදී ලබා ගත් ණය සඳහා පොලී ගෙවීම් සිදු කිරීම අදහස් කරන බව අප විසින් මෙහිදී අර්ථකථනය කර ඇත. මේ අනුව බලන කල, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් සඳහන් කරනු ලබන කරුණ වන්නේ, යහපාලන රජය කාලය තුළ (2015-2019) රජයේ ණය පොතට ඇතුළත් කරන ලද ණයවලින් අඩු තරමින් 80% වන මුදලක් ඊට පෙර එකතු වී තිබූ ණය මුදල් වෙනුවෙන් පොලිය ගෙවීම සඳහා යොදා ගත් බව යි.
Read Moreසර්වපාක්ෂික ආණ්ඩුවට එක් වන්නේ යැයි තමන් පැවසූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සමගි බල සන්ධානයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ වන විට පළව ඇති ප්‍රවෘත්ති නිවැරදි නොවන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවයි.
Read More