ජල නළයක් පුපුරා වසර අටක් මුළුල්ලේ විසි හතර පැය පුරාවට විශාල ජල නාස්තියක් සිදුවන බවත් අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් බළධාරින් දැන්වත් කර ඇතත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් පානදුර මූලික රෝහලෙන් වාර්තා වේ.
වසර අටකට පමණ පෙර රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට දකුණුපස බිම් කොටස කොන්ක්‍රීට් ගල් අතුරා පිලිසකර කිරීමේදී ජල කාන්දුව හමුවී ඇති අතර, එකී ජල පහර වාට්ටු අංක 5 ඉදිරිපිට කානුවෙන් බැසයාමට සලස්වා ඇති බවත්, විසිහතර පැය පුරාම ගලාගොස් රෝහල මැදින් දිවෙන අපජලය බැසයන කානුවට සම්බන්ධ වන බවත් රෝහලේ ජලනළ අළුත්වැඩියා කරුවෙකු පැවසීය.
අගල් හතරක් පලල අගල් අටක් පමණ ගැඹුරු කානුවකින් පිරිසිදු ජලය ගලාගෙන යන අයුරු දැකගත හැකිවන නමුත් ප්‍රදේශයට ජල කප්පාදුව සිදුවන අවස්ථා වලදී ජලපහර නැවතී කානුව වියලි ස්වභාවයක් ගෙන තිබූ අයුරුද දැකගත හැකිවිය .
මේ සම්බන්ධයෙන් පානදුර රෝහලේ ප්‍රධාන කාර්යාලයෙන් කල විමසීමකදී, බළධාරියෙක් සදහන් කලේ අවස්ථා කිහිපයකදී ජල සම්පාදන මණ්ඩලය දැනුවත් කල බවත්, නිලධාරීන් පැමිණ නිරීක්ෂණය කල බවත්ය.
සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පානදුර ජල සම්පාදන මණ්ඩලය කළමණාකරු සහ ප්‍රධාන ඉංජිනේරු සුමිත් වැලිකන්න මහතා. මාධ්‍යයෙන් විමසන තුරු වාර්තා වී නැහැ. දැනගත් විගස කණඩයමක් පිටත්කලා. ජල කාන්දුවක් තිබෙනවා. නළ පද්ධතියට ඉහලින් අළුත්වැඩියා කටයුතු කිහිපයක් සිදුකර ඇති නිසා . ජලකාන්දු හදුනාගන්නා සූක්ෂම උපකරණ දෙකක් යොදා පරීක්ෂණ කොට අළුත්වැඩියාව කඩිනමින් සිදුකරනවා යනුවෙන් පැවසීය.
පානදුර සුමිත් පොතුපිටිය
