ඊසී කෑෂ් මුදල් හුවමාරු ක්රමය යටතේ මහා පරිමාණයෙන් හෙරෝයින් මත්කුඩු පැකට් අලෙවි කිරිමේ ජාවාරමක නිරත වු මවක් හා ඇගේ පුත්රයා ඊයේ (29දා) වැලිගම ගුරුබැබිල ප්රදේශයේ කුලී නිවසක දී සැක පිට ප්රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.
කොලඹ දෙහිවල පදිංචි සැකකාර මව හා පුතා මීට මාස අටකට පමණ පෙර ගුරුබැබිල ප්රදේශයේ නිවසක් කුලී පදනම ගෙන මෙම ජාවාරම කර ගෙන ගොස් තිබේ.
දෙහිවල බන්ටි නැමැත්තෙකු සමග සම්බන්ධ වී ඔවුන් මෙම ජාවාරම කර ගෙන යන බවට මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කලේය.
ඒ අනුව 57 හැවිරිදි සැකකාර මව සන්තකයේ තිබී හෙරෝයින් ග්රෑම් 01 යි මිලි ග්රෑම් 500 ක්ද සැකකාර පුත්රයා සන්තකයේ තිබී හෙරෝයින් ග්රැම් 10 යි මිලි ග්රෑම් 500 ක්ද පොලීසිය සොයා ගෙන ඇත.
ඒවා කුඩා පැකට් 175 ක අසුරා තිබු බවද පැකැට්ටුවක් රුපියල් 5000 ක මුදලකට විකුණා ඇති බවද මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
ඊට අමතරව හෙරෝයින් මත්කුඩු විකුණා උපයා ගත් බව කියන රුපියල් එක් ලක්ෂ හතලිස් එක් දහසක මුදලක් ද පොලීසිය සොයා ගෙන ඇත.
සැකකාර මව හා පුත්රයා මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ක්රිෂාන් ජීවක ජයරුක්
