අයවැයෙන් කර්මාන්ත අමාත්‍යාංශට වෙන් කර තිබෙන මුදල් පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත්, එය රටේ ඉදිරි ගමනට පැහැදිලි ගැටළුවක් බවත් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
2023 අයවැය කාරක සභා අවස්ථාවේ අද (30දා) පැවති කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
නිදහස් සෞඛ්‍යට, නිදහස් අධ්‍යාපනයට, කෘෂිකර්මාන්තයට මුදල් වෙන් කරලා තිබුණට අපිට කර්මාන්ත අමාත්‍යාංශය පිළිබඳ සෑහීමකට පත්වෙන්න බෑ. ලංකවේ කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැති රජයන් සියල්ලම මුදල් වෙන් කරලා තිබුනේ ඉතා අඩු ප්‍රමාණයක්. රුපියල් බිලියන 400ක් ආරක්ෂක වියදම ලෙස වියදම් කරනකොට, බිලියන 200ක් සෞඛ්‍යට, අධ්‍යාපනයට වෙන් කරනකොට කර්මාන්ත අමාත්‍යාංශයට වෙන් කරලා තිබෙන්නේ ඩොලර් බිලියන 8ක් වගේ ප්‍රමාණයක්. ඒක රටේ ඉදිරි ගමනට පැහැදිලි ගැටළුවක්. ඇයි අපි මධ්‍යම ආර්ථික රාමුවක තවම හිරවෙලා ඉන්නේ? ඇයි අපිට මෙතනින් ඉදිරියට පනින් බැරි වෙලා තිබෙන්නේ? ඒකට ප්‍රධාන පිළිතුර තමයි අපි කර්මාන්ත පැත්තට අවශ්‍ය ආයෝජන කරලා නෑ.